දිස්ත්‍රික්කයම අවදානමේ හෙලන ,මහින්දලාටත් කීකරු නැති නිමල් !

0
78

රට දෙවන කොරෝනා රැල්ලක් අභියසය. එවැනි තත්වයක් ඇතිවිම වලක්වාගැනිමට පාලකයන් අසමත්වු බව දැන් ඉතා පැහැදිලිය. සෞඛ්‍ය ඇමතිවරියට මෙයට අදාලව බරපතල චෝදනාවක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.
කෙසේ වෙතත් රට දැන් සිටින්නේ අනතුරුක මුවවිටේය.
පොදු ජන පෙරමුණේ හිමිකරුවාට ඔවුන්ගේ ඉදිරි රැස්විම් පවා අවලංගු කරන්නට දැන් සිදුව ඇත.එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂටත් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝඋපදේශ පිළිපදින්නට යැයි ඉල්ලන්නට සිදුව තිබේ.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශයන් පිළිබද ගැසට් එක තවමත් සෞඛ්‍ය ඇමතිවරිය ලග සිරවි ඇති බවකි.
මේ සියලු වර්ධනයන් තුල දේශපාලකයන් කොරෝනා අවදානමක් ගැන වගක් නැතිව සුපුරුදු කටයුතු සිදුකරගෙන යමින් සිටිති.
මේ අය අතර නිමල් ලංසා කැපි පෙනේ .නිමල් 15
මිටරේ නැති රැස්විම් සල්ලි විසිකරමින් දිනපතා පැවැත්වේ. ජනයා අතරට මුඛ ආවරණ නැතිව යන නිමල් ලංසාගේ ඔහුගේම ෆේස්බුක් පිටුවේ එමටය.
මිනුවන්ගොඩ පවුල් ගණනාවක්ම දැනටමත් නිරෝධායනට යොමුකර තිබේ.
කන්දකාඩු ගොස් පැමිණි පිරිස් කුරණ මෙන්ම පිටිපනද සිටින බව සැලය.
තතු මෙසේව තිබියදි නිමල් ලංසා වැනි වගකිම් විරහිතව ජනයා අවදානමේ හෙලන සියලු දේශපාලකයන්ට එරෙහිව නිරෝධායන නිතිය ක්‍රියාත්මක වන්නේ කවදාද ?