ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවුණ කලහකාරි තත්වය හමුවේ පොහොට්ටු මන්ත්‍රිවරුන් හැසිරුනේ ඇත්තටම පතාලයන් ලෙස යැයි එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රිවරුන් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
කලහකාරි ලෙස හැසිරුන මන්ත්‍රිවරුන් රැසක් අතරේ පොහොට්ටු මන්ත්‍රි දිළුම් අමුණුගම විසින් කථානායකවරයාගේ දුරකථනයේ වයර් කඩා විනාශ කිරිමට කටයුතු කර තිබුණි.

මේ හේතුව නිසා අතින් ලේ ගලමින් ජයවර්ධනපුර රෝහලටද ඇතුලත් කරන්නට යෙදුණි.
මේ සියල්ල ගැන විස්තරාත්මක විස්තරයක් ගෙන ආ දෙරණ රූපවාහිනි නාලිකාවට දිළුම් අමුණුගමගේ අත තුවාල වුණ හේතුව කියන්නට මගහැරිම අහම්බයක්ද ?නැතිනම් නාලිකාවේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක්ද ?
පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිවරයාගේ අත තිබුණා යැයි කියන පිහිය රවුම් කර කර පෙන්විමට තිබුණු ප්‍රවෘත්තිමය උනන්දුව දිළුම්ගේ ආජ්‍ය දේපල කඩාබිදදැමිම ගැන කියන්න ට නොතිබුනේ ඇයි ?