දීපාවලි වෙනුවෙන් එජාපෙන් වැඩසටහනක්

0
166

 

WhatsApp Image 2024 10 31 at 06.51.34 4a3b5c01

ඔක්තෝබර් මස 31 වැනි දිනට යෙදෙන  දීපවාලී  උත්සවය නිමිති කරගෙන විශේෂ  දීපවාලි  වැඩසටහනක් අද දින (30/10/2024)  සවස මීගමුවෙි ,පෞද්ගලික උත්සව ශාලාවකදී පවත්වනු ලැබීය.
“‘ මීගමුව දමිළ සංසදය ”  මගින් මෙය සංවිධානය කර තිබිණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු අමාත්‍යවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක මෙන්ම මෙවර මහ මැතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ( ගෑස් සිලින්ඩරයෙන් ) ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරන රුවන් විජයවර්ධන මහතා සහභාගි විය. එමෙන්ම එම පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරන ආචාර්ය කිත්සිරි මන්චනායක මහතා ද   මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි විය.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතා කතා කළ රුවන් විජේවර්ධන මහතා පැවසුවේ  ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වූ පසු ඉතා  ඉක්මනින්ම ලබා දෙන බවට ප්‍රකාශ කළ ජනතා සහන බොහෝමයක් මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති බවයි. එලෙසම රජය විසින් කළ යුතු සමහර අත්‍යවශ්‍ය කාර්යයන් පවා ජාතික ජන බලවේග රජයට මේ වන විට නිසි ලෙස කර ගැනීමට නොහැකි වී ඇතැයි ඔහු පැවසීය. එමෙන්ම සීමාවක් නොමැතිව ණය ගැනීම නිසා ඉදිරි කාලයේදී රට යළිත් ආර්ථික වශයෙන් අරාජිකත්වයකට පත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවද ඔහු පැවසීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ නිසි දැනුමක් සහ අත්දැකීම් නැති කණ්ඩායමකට රටක් පාලනය කර නොහැකි බවයි.  මෙවර පැවැත්වෙන මහා මැතිවරණය රටට මෙන්ම රටේ  ජනතාවට ඉතා වැදගත් වන සුවිශේෂී  මහා මැතිවරණයක් බවත් එහිදී උගත් බුද්ධිමත් දැනුමැති අත්දැකීම් ඇති සහ රටක් පාලනය කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන්නට රටේ ජනතාව බුද්ධිමත්ව තම ඡන්දය පාවිච්චි කළ යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.

WhatsApp Image 2024 10 31 at 06.52.47 9a422b41
ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්තව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේන් තමන් ඇතුළු අපේක්ෂක කණ්ඩායම මෙවර මහ මැතිවරණයට තරග කරන්නේ රටේ පොදු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු තුළ හඬක් නගන්නට ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීම සඳහා  බවයි.
එමෙන්ම මෙම උත්සවයේදී ආචාර්ය කිත්සිරි මන්චනායක මහතාද රැස්ව සිටි පිරිස ඇමතිය. එලෙසම මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන හිටපු ඇමැති නිමල් ලන්සා මහතා ද එලෙසම මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිතයින් රැසක් ද මෙම උත්සවයට සහභාගී වුහ.
WhatsApp Image 2024 10 31 at 06.52.33 d82cae0b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here