දීපාවලී වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මීගමුවට

0
319

WhatsApp Image 2024 10 31 at 10.30.30 44ae5453

අද දිනට (31/10/2024) යෙදෙන දීපාවලී උත්සවය නිමිති කරගෙන අද උදෑසන මීගමුව, වැල්ල වීදිය
ශ්‍රී සිත්ති විනයාගර් කෝවිලේ පැවති  විශේෂ ආගමික  වතාවත් වලට අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි විය.
විජිත හේරත් අමාත්‍යවරයා සමග ජාතික ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර මහ මැතිවරණය සඳහා තරඟ වදින  මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහ, වෛද්‍ය හෙන්රි රොසාරියෝ , අරුණ ශාන්ත නෝනිස් සහ සුබ්‍රමනියම් යන මැතිවරණ අපේක්ෂකයින්ද සහභාගි වූහ.

ආගමික වතාවත් වල නිරත වීමෙන් පසු විජිත හේරත් අමාත්‍යවරයා ඇතුළු සෙසු අපේක්ෂකයින්ව  එම ශ්‍රී සිත්ති විනයාගර් කෝවිල ඉදිරිපිටදී හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව වර්ණ සළු පොරවා, මල් මාලා දමා විශේෂිත පිළිගැනීමක්ද සිදු කරන ලදී.
ඉන්පසුව මාධ්‍යවේදීන් ඇමතූ විජිත හේරත්  අමාත්‍යවරයා ප්‍රථමයෙන්ම ලක්වාසී  ජනතාවටත් විශේෂයෙන්ම මීගමුව ජනතාවටති ප්‍රීතිමත් දීපාවලී උත්සවයක්  සඳහා සුභ ප්‍රාර්ථනා කළේය. එලෙසම මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලටද පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වන විට විපක්ෂ දේශපාලකයන් තම රජය විවේචනය කරන්නට විවිධ වූ අසත්‍ය කරුණු කාරණා ප්‍රකාශ කරන බවයි. එලෙසම ජනාධිපති ධුරය භාරගෙන ගත වූයේ කෙටි කලක් බැවින්, එම කෙටි කාලය තුළද ජනතාවට දිය හැකි සහන රැසක් මේ වන විට ලබා දී ඇති බවද පැවසීය. එලෙසම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා මේ දිනවල ඒ පිළිබඳව දීර්ඝ ලෙස අධ්‍යනයක් කරන බවද පැවසීය.
මෙම අවස්ථාවට  මීගමුව ප්‍රදේශය වෙසෙන හින්දු භක්තිකයින් පිරිසක්ද  සහභාගි වූහ.
WhatsApp Image 2024 10 31 at 10.30.28 edab353d  WhatsApp Image 2024 10 31 at 10.30.26 42a33c35 WhatsApp Image 2024 10 31 at 10.30.30 44ae5453 WhatsApp Image 2024 10 31 at 10.30.31 b2065487WhatsApp Image 2024 10 31 at 10.30.25 0ae00f4c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here