දුන්ගාල්පිටිය පොලිස් වසම හුදකලා නීතියට යටත්ද ? තලාහේන පේරුවේ ජනයා ප්‍රශ්ණ කරති ?

0
74

road blocks in Negombo 2( 8.45 am ) මීගමුව පොලිස් වසම තවදුරටත් හුදකලා කොට තිබේ.මේ අතර කොතලාවල පාලමෙන් එහා පිහිට කොටස අයත් වන්නේ දුන්ගාල්පිටිය පොලිස් වසමටය.
එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ හමුදාපතිවරයා දුන්ගාල්පිටිය පොලිස් වසම හුදකලා කරන පොලිස් බලප්‍රදේශ ලයිස්තුවට ඇතුලත් කොට නැත.
කිසිවිටකත් එය සදහන් කරද නැත.
මේ නිසාම දුන්ගාල්පිටිය පොලිස් වසමට අයත් ජනයා අන්දමන්දව සිටිති.
දුන්ගාල්පිටිය පොලිසියට අනුව ඒ වසමද හුදකලා නිතියට යටත්ය.
එහෙත් ජනයා ප්‍රශ්ණ කර සිටින්නේ එසේ නම් එය පැහැදැලි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කළ යුතු බවය.
මීගමුවේ වැඩිපුරම ධිවර ව්‍යාපාරික කටයුතු සංකේන්ද්‍රණය වි ඇත්තේද මේ කලාපයේය.
ප්‍රධානතම මාළු ලෙල්ලම් 3 ක් පිහිටා තිබෙන්නේද මේ කලාපය තුලමය