දුප්පත් වඩේ කරත්තය

0
388

මේ ස්ථානය  ෙතෝා්ප්පුව පාලම පසුවනවාත්  සමගම හමුවන හතරමං හන්දියේ  හලාවත දෙසට දිවෙන පාරේ බස්හෝල්ට් එක පිහිටා ඇති තැනයි.  මේ අසලින් බසයක් ගැනීමට නවතින ඕනෑ තරම් මිනිසුන් හවසට මේ කරත්තයෙන් වඩ රැගෙන යන එක සුලභ දසුනකි. මෙම වඩ කරත්තය පිහිටා ඇති ස්ථානයේ එයට සුදුසු පරිසරයක්  කිසිසේත්ම නැති අතර අවට ඉතාම අපිරිසිදුය. අසලින් ජරා කාණුවක් ගලායන අතර අපිරිසිදු දෑ පසුකර හමා එන සුළං මේ කරත්තයේ ඇති සියලුම ආහාර වල තැවරෙයි. ඔහු දිළිදු   ව්‍යාපාරිකයෙක් බව පෙනේනේ අබලන් වී ඇති  කරත්තයේ හැටි දකින විටය.  කිසිවෙකුට හෝ මැදිහත්වී මේ පුද්ගලයාට දැනට වඩා පිරිසිදු  කරත්තයක් සකසා ගැනීමට උපකාර කළ හැකි නම් මෙම ස්ථානයේ දී මෙයට වඩා සුන්දර වඩ කරත්තයක් දකින්නට බසයක් නවත්තන ගානේ අපට හැකිවනු ඇත.  න්ා්ක් න්ාැ

 

ඡායා සහ සටහන – ජසින්තා නිර්මලී