ඒ අනුව නැති බැරි අය කෙසේ වෙතත් පොහොට්ටුවට සම්බන්ධ ඇති හැකි අය වෙතද මේ වනවිටත් අදාල පොර්ම නිකුත් කර ඇති බව මිගමුවේදි නම් ප්රසිද්ධ රහසකි.
මේ අයුරින් මේ කටයුත්ත එහෙම පිටින්ම දේශපාලනීකරණය කිරිමට රජය කටයුතු කිරිමට විරෝධය පළකරමින් ග්රාම නිළධාරින්ගේ වෘත්තිය සමිති 6 ක් ඒකමතික තින්දුවකට පැමිණෙමින් මෙයට විරෝධය පළකරමින් රු 5000ට අදාල රාජකාරි කටයුතුවලින් ඉවත් වන ඊයේ දැනුම් දි තිබුණි.
රට මේ තරම් විපතකට පත්ව තිබියදි මැතිවරණ උණ හිසට ගැසු දේශපාලකයන් විසින් කරනු ලබන මේ ලැජ්ජා සහගත දේශපාලන වැඩසටහනක් ගැන රටේ මහජනයා තුල ඇත්තේ සැබැවින්ම පිළිකුලකි. මැතිවරණ කොමිසම මේ ගැන වහා මැදිහත්වෙනු ඇතැයිද මහජනයාගේ පැතුමයි.