දුම්රියදෙපාර්තමේන්තු ඉඩමේ කඩ කඩපු ඇත්ත හේතුව හෙළි වෙයි ?

0
76
කුඩා කඩවල් වලින් අාවරණය වි ඇති සමාජ ශාලාව
කුඩා කඩවල් වලින් අාවරණය වි ඇති සමාජ ශාලාව

(9.30 pm ) මීගමුව මහනගර සභාවේ සාප්පු සංකිර්ණයේ වැසිකිලි පද්ධතියට යාබද ඉඩම අතිශයින්ම වානිජ වටිනාකමක් සහිත ඉඩමකි.එකි ඉඩමේ දැන් හිතුවක්කාරි ලෙසින් නිති විරෝධි තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බව මීගමුව එජාප ආසන සංවිධායන රොයිස් විජිත මහතා විසින් දැනට වසර කිපයකට ඉහතදි මහසභාවේදි මතුකර තිබුණි.
පිටිපන පදිංචිකරුවෙකු වන තෝරා බිඩි සමාගමේ අයිතිකරු විසින් මේ  ගොඩනැගිල්ල ඉදිකර තිබේ.එ කාලේ  මෙහි බියර් සැලක් විවෘත කරන්නට කටයුතු කර තිබුණ අතර දැන් ඇත්තේ සමාජ ශාලාවකි.
නගර සභාවට අයත් ඉඩමක මේසා විශාල ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ කෙසේද ? ඊට අවසර දුන්  නිළධාරින් කව්ද ??මේ අත යට ගණුදෙනුව පිටුපස සිටින දේශපාලකයන් කව්ද ??? ගැටළු රැසක් එදා සිටිම මතුව තිබුණි.
දැනට මාස ගණනකට ඉහතදි වෙඩි තබාගැනිමක් ගැනද වාර්ථා වි තිබුනේ මේ සමාජ ශාලාවෙනි.
මෙයට පවත්වාගෙන යාමට වගකිම් භාරගෙන සිටින්නේ ලංසා පවුලේ සමිපතයන් වන මිගමුවෙ මහනගර සභාවෙම නිළධාරින් පිරිසක් විසිනි.
මෙවන් පසුබිමකදි නගරාධිපති දායන් ලංසා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර තිබුණ කඩ කැඩිම ඉක්මන් කරමින් කටයුතු කළේ ඇයිද යන්න ගැන දේශපාලන හෙළිදරව්වක් දැන් මිගමු සමාජය තුල මතුව තිබේ.
එනම් තෝරා බිඩි මුදලාලිගේ සමාජ ශාලාව කුඩා කඩවලින් වැසි තිබුණ නිසා එය නිසි ලෙසින් පෙනුනේ නැත.සමාජ ශාලාවක් ලෙසින් ඉදිරි කාලයේ සිය දේශපාලන හාම්පුුතුන්ගේද පුර්ණ ආශිර්වාදය මත ක්‍රියාත්මක විමට නියමිත පසුබිමක මේ කඩකැඩිම පිටුපසු තෝරා බිඩි මුදලලාගේ විවිධ සිහින නොතිබේ යැයි කිව හැක්කේ කාටද ?