දුරකථන ඇමතුමකින් සිදුකළ මුදල් වංචාවකට මීගමුවේ ව්‍යාපාරිකයෝ කොටුවෙයි ?

0
37

රටේ ප්‍රදේශ කීපයකින් මේ වන විට වාර්තා වී ඇති කූට මුදල් වංචාවක් සම්බන්ධයෙන් මීගමුව නගරයේද ස්ථාන කීපයකින් වාර්තා වේ. මෙම මුදල් වංචාව සිදුවන්නේ දුරකථනයක් හරහා තමන්ගේ හිතවත්ම පුද්ගලයින්ගෙන් සිදුකරන ආයාචනයක් මගින් වීම නිසාත්,එයට හසුවන පුද්ගලයාට  මෙසේ මුදල් ඉල්ලන පුද්ගලයාගේ කටහඬ හුරුපුරුදු කටහඬක් වීමත් හේතුවෙනි. මේ ආකාරයට තමන්ගේ ගිණුමට මුදල් එවන ලෙස මීගමුව නගරයේ රත්තරන් බඩු අළෙවි කරන ආයතන කිහිපයකම ව්‍යාපාරිකයින් අමතා සිදුකරන ලද ඉල්ලීමක් අනුව , ව්‍යාපාරික මහතුන් කිහිප දෙනෙකු මේ වන විට මෙම මුදල් වංචාවට හසුව තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය දා පැවති හජ්ජි උත්සවය පැවති දිනවලදී වන අතර,පෙරියමුල්ල ප්‍රෙද්ශයේ ද  මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවත් වාර්තා වේ. මීගමුව නගරයේ රත්තරන් අළෙවිකරුවන් කූට අයුරින් රවටා මෙම වංචාව සිදුකර ඇති ආකාරය පිළිබදව තොරතුරු පහත පළකර ඇත.

එය පසුගිය ජුනි මස 17 වැනි සඳුදා  දිනය විය. එදින ඉස්ලාම් ජනතාවගේ හජ්ජි උත්සව දිනය විය. මීගමුව නගරයේ මුස්ලිම්  වෙළඳ ව්‍යාපාර ආයතන බොහොමයක් එදින හජ්ජි උත්සවය නිමිත්තෙන් වසා දමා තිබිණ. එදින සතියේ වැඩ කරන දිනයක් බැවින් මීගමුව නගරය මුස්ලිම් නොවන වෙළෙඳ ව්‍යාපාරික ආයතන විවෘත කර තිබිණි.

එදින මීගමුව මහා වීදියේ  පිහිටි මරියා ජුවලර්ස් ආයතනයේ ඇන්තනී මහතාගේ ජංගම දුරකථනයට දෙමළ භාෂාවෙන් දුරකථන ඇමතුමක් (voice call)  ලැබි තිබිණි.එම දුරකථන ඇමතුමෙන්  ප්‍රකාශ වූයේ, මීගමුව මහා වීදීයේම  පිහිටි තවත් ස්වර්ණාභරණ අලෙවි ආයතනයක් වන ජුවෙල් ලයින් ආයතනයේ ෂාකීර් මහතා හදිසි අනතුරට ලක්වී රෝහලේ සිටින බැවින් රු.38000/= ක මුදලක්  ඔහුගේ බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසට කරනා ඉල්ලීමකි. මෙම දුරකථන ඇමතුමෙි  කතා කරන ආකාරය අනුව මරියා ජූවලර්ස් ආයතනයේ ඇන්තනි මහතා සිතුවේ ඇත්තෙන්ම මේ කතා කරන්නේ , ජුවෙල් ලයින් ආයතනයේ ෂාකීර් මහතාම බවයි. එලෙසම ඇන්තනි මහතා සිතුවේ, සහ විශ්වාස කලේ එදිනට යෙදී ඇති හජ්ජි උත්සවය නිසා  ජුවෙල් ලයින් ආයතනද වසා ඇති මෙවන් අවස්ථාවක ඇත්තෙන්ම ෂාකීර් මහතා හදිසි අනතුරකට ලක්වී ඇති බවයි.  ශාකීර් මහතා සහ ඇන්තනි මහතා අතර පෞද්ගලික වශයෙන් ලොකු හිතවත් කමක් නොතිබුණත් ව්‍යාපාරික වශයෙන් එකම ක්ෂේත්‍රයක ව්‍යාපාර කටයුතු කරන නිසාත්, මේ දෙදෙනාගේම  ව්‍යාපාරික ස්ථාන ඉතා ලඟින් පිහිටි නිසාත් මේ දෙදෙනා අතර දැන හැඳුනුම්කමක් මිස පෞද්ගලික ලොකු හිතවත්කමක් ද නොවීය.එහෙත් තම ව්‍යාපාරික ක්ෂේත්‍රයම නියැලෙන කෙනෙක් කරදරයට පත් වී ඇති අවස්ථාවක විශේෂයෙන්ම හදිසි අනතුරකට මුහුණ දී රෝහල්ගතව සිටින අවස්ථාවක උදව් කළ යුතු යැයි සිතු ඇන්තනි මහතා දෙවරක් නොසිතාම ඔහුගේ ජංගම දුරකථනයට ලද වටිස්ඇප් පණිවිඩයක් ඔස්සේ ලැබී තිබුණු බැංකු ගිණුම් අංකයට රු.38000/= මුදලක් තැන්පත් කර ඇත. එමෙන්ම ඇන්තනී මහතාට මෙම බැංකු ගිණුම් අංකය එවා ඇති වට්ස් ඇප් පණිවිඩයේ (screen shots) පසුබිමේ තිබී ඇත්තේ ද ෂාකීර් මහතාගේ ඡායාරූපයකි.
එලෙස මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව අන්තනි මහතාගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් සේවාව ඔස්සේ තවත් පටිගත කළ හඩ පණිවිඩයක් ලැබී තිබිණි. එම හඬ පණිවිඩයේද ශාකීර් මහතා කතා කරන ආකාරයට කියවුනේ ඔහු හදිසි අනතුරකට ලක්වී රෝහල් ගතව සිටින බැවින් ඔහුගේ බැංකු ගිණුමට තවත් රු.22000/= මුදලක් තැන්පත් කරන ලෙසයි. එම හඬ පණිවිඩයට සවන් දුන් අන්තනී මහතාට යම් සැක සහිත බවක් දැනී හඬ පණිවිඩේ ආකාරයට තවත් රු 22000/= මුදලක් තැන්පත් කිරීමට යාමෙන් වැළකී ෂාකීර්  මහතා පිළිබඳව සොයා බලන්නට විය. එහිදී ඇන්ටනී මහතාට හෙළිදරව් වූයේ තමාගේ ජංගම දුරකථනයට වට්ස් ඇප් සේවාව ඔස්සේ පැමිණි හඬ පණිවිඩයේ කියවුනු ආකාරයට ෂාකීර් මහතා කිසිදු හදිසි අනතුරකට ලක් වී නොමැති බවත් , ඒ අනුව ඔහු රෝහල් ගතවී නොමැති බවත්ය.ඒ අනුව අවසානයේ මරියා ජූවලර්ස් ආයතනයේ ඇන්තනි මහතාට වැටහී ගියේ තමන් ඉතා සූක්ෂම ප්‍රෝඩාවකට හසු වී ඇති බවයි.එදිනම,  මීගමුවේ , මහා වීදියේම පිහිටි තවත් ස්වර්ණාභරණ ආයතනයක් වන ශාන්ති ගෝල්ඩ් හවුස් හී කේසවන් මහතාගේ ජංගම දුරකථනයටද  ඇමතුමක් ලැබුණි.එම දුරකථන ඇමතුමේ  පසුබිමේ (screen shot) තිබුනේ ජුවෙල් ලයින් ස්වර්ණාභරණ ආයතනයේ ශකීර් මහතාගේ ඡායාරූපයකි. එම ඇමතුමෙන්ද ශකර් මහතා ලෙස කතා කළ පුද්ගලයා ඉල්ලා සිටියේ තමන් මේ වන විට හදිසි අනතුරකට මුහුණපා රෝහල් ගත වූ බැවින් හැකිනම් තමාගේ බැංකු ගිණුමට රු.38000/= ක මුදලක් තැන්පත් කරන ලෙසයි. එහිදී කේසවන් මහතා මුදල් තැන්පත් කිරීමට නොහැකි බවත්, අවශ්‍ය නම් රෝහලට මුදල් ගෙනවිත් දෙන්නම් යනුවෙන් ප්‍රකාශ කර ඇත. ඉන්පසු එම සංවාදය අවසන් වී ඇත. අතර පසුව කේසවන් මහතා ඇතුළු පිරිස සොයා බලද්දි ෂාකීර් මහතාට කිසිදු හදිසි අනතුරක් සිදු නොවූ බවත්, ඔහු එලෙස මුදල් තැන්පත් කරන ලෙස දුරකථන ඇමතුම් ලබා නොදුන් බවත් පැහැදිලි විය.
ඉන්පසුව මේ පිළිබඳව ස්වර්ණාභරණ අලවිසල්වල සේවයේ නියුතු අය අතර සහ මහා වීදියේ ව්‍යාපාර කටයුතු කරන අය අතර කතාබහක් ඇති විය. එමෙන්ම ඒ වන විට ෂාකීර් මහතාගේ ඡායාරූපය සහිත  දුරකථන පසුබිම හෙවත් සික්‍රීන්  ෂොට් එක ද වෙනස් කරමින් ෂාකීර් මහතාගේ ඡායාරූපය වෙනුවට එහි මුස්ලිම් කාන්තාවකගේ ඡායාරූපයක් ලෙස ද වෙනස් කර ඇත .ඉන්පසුව පෙර දුරකථන ඇමතුම් හා පටිගත කළ හඬ පණිවිඩ එවු පුද්ගලයා , තවත් පටිගත කළ හඬ පණිවිඩ කිහිපයක්ම, ෂාකීර් මහතා වෙනුවෙන් මුදල් තැන්පත් කල  ඇන්තනි මහතා වෙත ඒවා තිබිණි. එම හඬ පනිවිඩ දෙමළ භාෂාවෙන් කතා කළ ඒවා විය. එහිදී  එම හඬ පණිවිඩ එවූ තැනැත්තා ප්‍රකාශ කර තිබුණේ තමන්ව සොයා ගැනීමට වෙහෙස නොවන ලෙසයි. තමා සොයා ගැනීමට නොහැකි බවත්. එසේ සොයා ගතහොත් තමන් විසින් කෝටි ගණනක මුදලක් ආපසු ලබා දෙන බවයි.එමෙන්ම මේ එක හඬ පණිවිඩයක සිංහල භාෂාවෙන් ද කතා කරන එකී පුද්ගලයා ප්‍රකාශ කරන්නේ, මෙම හඬ පණිවිඩ රැගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවට ගොස් පැමිණිලි කල ද තමන් සොයා ගැනීමට නොහැකි බවයි. මෙලෙස එම පුද්ගලයා  උපහාසයෙන් යුතුව වක්‍රව පවසා තිබුණේ තමන් මේ සිදුකරන දේ ඉතා සූක්ෂමව සිදුකරන බවකි.මේ සිදුවීම සිදු වී දින 02 කට පසු එනම් 2024/06/ 19 ෂාකීර් මහතා විසින් මේ සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ අපරාධ අංශයේ පැමිණිල්ලක් ද ගොනු   කර තිබේ.
මුදල් ඉල්ලා එවන ලද හඬ පණිවිඩ 02 ක්
තමන් සෙවීමට නොහැකි බවත්, හැකිනම් ජනාධිපතිවරයාට හෝ තමා සෙවීමට නොහැකි බව පවසන හඩ පණිවිඩ