දුල්කර් සල්මාන්ට අභියෝග කිරීමට සැරසෙන ඔහුගේ පියා – මම්මුට්ටි !!

0
390

දුල්කර් සල්මාන්ගේ පියා මලයාලම් සිනමා නළු මම්මුට්ටි බව මේ වන විට බොහෝ දෙනෙක් දන්නා කාරණාවකි. අද අන්තර්ජාලයේ මෙම පිය පුතු දෙපළ පිළිබඳව අපුරු පුවතක් මගේ ඇස ගැටුණි .එය ලියවි තිබුණේ

” Mammootty is ready to challenge salmaan in young look by becoming a 30 year old “

යන ශීර්ෂයෙනි.. එම පුවතට අනුව මම්මුට්ටි ඉදිරියට පැමිණිමට නියමිත චිත්‍රපටයක අවුරුදු 30 ක තරුණ චරිතයක් නිරූපණය කිරීමට සූදානම් වෙයි.තවමත් සාකච්ඡා මට්ටමේ පවතින මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට AI ( Artificial Intelligent ) තාක්ෂණය උපයෝගි කර ගැනීමට ද අපේක්ෂිතය.මේ වන විට 72 වැනි වියෙහි පසුවන මම්මුට්ටි මෑත කාලයේදී එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරනු ලැබීය.ඔහුගේ අළුත්ම චිත්‍රපටය වන බ්‍රහ්මයුගම් ද නොබෝ දිනකින් තිරගත වීමට නියමිතය .

ඉන්දීය භාශා කිහිපයකින් දෙබස් කවා තිරගත කිරීමට සැලසුම් කරනු ලබන මෙම චිත්‍රපටය නිර්මාණය වුවහොත් , එය AI තාක්ෂණයෙන් නිර්මාණය වන පළමු ඉන්දීයානු චිත්‍රපටය බවට පත් වනු ඇත.

(චන්දි ජයමිණිගේ ෆේස්බුක් පිටුවෙනි)