ලංසා පාලන සමය තුල දුෂිත ලෙසින් හංවඩු ගැසුනු නිළධාරින් කිප දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දීම සදහා කලින් සිටි කොමාසාරිස්වරිය අදාල කටයුතු නිමකර තිබුණි.
මිගමු මහනගර සභාවේ ඉජිනේරුවරයා ඒ අනුව ඊයේන් පසුව ( 15 ) මිගමුව මහනගර සභාවෙන් ඉවත්විමට නියමිතව තිබුණි.
මේ පිළිබදව පසුගිය දිනක මිගමුවේ ප්රධාන මාලිමා ක්රියාධරයන් හා අලුත් කොමසාරිස්වරිය හා පැවැති විශේෂ සාකච්ජාවකදිද විමසා තිබුන අතර එය කිසිලෙසකින් වත් වැලැක්විමට කටයුතු නොකරන බව කොමසාරිස්වරිය එදා ප්රකාශ කර තිබුණ බවද වාර්තා විය.
කෙසේ වෙතත් දුෂිත නාගරික ඉජිනේරුවරයා මාරුවි යාමක් ගැන තවමත් තොරතුරක් නැතැයි අප කළ විමසුමකදි නගර සභා සේවකයන්ගෙන් දැනගන්නට ලැබුණි.
මේ අතර සුබසාධන අංශයේ තවත් අයෙකුටද ස්ථාන මාරු ලබාදිමට කටයුතු යොදා තිබුණද මේ සම්බන්ධයෙන්ද නව කොමසාරිස්වරිය ක්රියාත්මක නොවන බවට තොරතුරු වාර්තා වේ.
ලංසා පාලන සමයේ දුෂිතයන් සමගින් නව කොමසාරිස්වරිය මේ සැරසෙන්නේ කුමකටද යන්න මිගමුවේ මාලිමාවේ ක්රියාකාරින්ට පවා ඇත්තේ සැබැවින්ම කුකුසකි.