දූවේ ලෙල්ලමේ අර්බුදයක්

0
65

මාංකුලිය ලෙල්ලමේ දූවේ පල්ලියට අයත් මාළු ලෙල්ලමේ දැනට මතුව ඇති අර්බුදයක් හේතුවෙන් එය අද දිනයේ වසා දමා ඇතැයි වාර්ථා වේ.වාර්ථා වන අන්දමට මෙයට ආසන්නතම හේතුව වි ඇත්තේ මාංකුලියේ දුපත්වල වෙසෙන පිරිසක් විසින් දූවේ ලෙල්ලමේ නිතිරිති වලට පටහැනිව කටයුතු කරමින් මඩුවන් නැමැති මාළු විශේෂය  එම ලෙල්ලමේම ලෑලි මත තබා කැපිමයි.

දූවේ ලෙල්ලමේ මේ නිතියට විරෝධය පළ කරමින් පසුගිය දිනවල මේ ඇතැම් පිරිස් විසින් දූවේ ලෙල්ලමට මාළු ගෙන එන ලොරි පවා නවතා ලිමට  නොහැකි වන සේ මාළු ලැලි පවත්වාගෙන ගොස් තිබේ. මේ හේතුවෙන් ඇතිවිය හැකි ව තිබු කලහකාරි තත්වය පාලනය කිරිම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද අද අලුයම යොදවා තිබුණි.

දුවේ ලෙල්ලමේ සෘජු  අයිතිය මේ වන විට පැවරි ඇත්තේ කොළඹ බිෂොප්තුමා වෙතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here