දූවේ සහ පිට්පන පාස්කු ගැන….

0
235

 

පොඩි කාලේ ඉඳලම මම දුවේ සහ පිටිපන පාස්කු නාට්‍යය නරඹනවා.
මේ පාස්කු නාට්‍ය දෙක අතර නිර්මාණශීලී පැත්තෙන් ලොකු පරතරයක් තියෙනවා.
ඒකට මූලික හේතුව තමයි මේ පාස්කු නාට්‍ය දෙක රඟදක්වන ස්ථාන.
දූවේ පාස්කු නාට්‍යයේ රඟ දක්වන්නේ නිදහස් ස්ථානයක ඉදි කරන දැවැන්ත වේදිකාවක් මත මුහුද අයිනේ.
එහෙත් පිටිපන පාස්කු රඟ දක්වන්නේ ඉදි කර ඇති වේදිකාවක් මත.
දූවේ පාස්කු නාට්‍යය නැරඹීමේදී ප්‍රේක්ෂකයන් ට ඇති නිදහස් පරිසරය පිටිපන ප්‍රේක්ෂකයන්ට ලැබෙන්නේ නැත.
මේ නිසා මේ නාට්‍ය දෙකේ නිර්මාණාත්මක බව වර්ධනය කර ගැනීමට තිබෙන අවස්ථාවන් එකිනෙකට වෙනස්.
දුවේ පාස්කු නාට්‍යකරුවන්ට ඇති නිර්මාණයේ නිදහස පිටිපන පාස්කු නාට්‍යකරුවන්ට නැහැ.ඔවුන් සැම විටම කිසියම් කොටුවීමකට හසු වෙනවා.
මක්නිසාදයත් යත් ඕනෑම නාට්‍යයක් සාර්ථක කර ගැනීමට එම නාට්‍යය රගදක්වන වේදිකාව සහ එය නරඹන ප්‍රේක්ෂකයන් රැදී සිටින ප්‍රේක්ෂකාගාරය අතිශයින්ම තීරණාත්මකයි.
පාස්කු නාට්‍ය දෙකේම අතිශයින්ම සුවිශේෂී අවස්ථා දෙක වන්නේ :
01.ජේසුතුමාව ජුදයින් විසින් අත්අඩංගුවට ගැනීම
02 නඩුවිභාගය සහ මරණයට තීන්දු කිරීම.
මේ අවස්ථාව ඉතා පුළුල් ලෙස වේදිකාව මත රඟ දක්වන්නට දූවේ පාස්කු නාට්‍යකරුවන්ට ඔවුන් නිර්මාණය කරන දැවැන්ත වේදිකාව තුළ විශාල ඉඩ කඩක් ලැබෙනවා.
එහෙත් පිටිපන පාස්කු නාට්‍යකරුවන්ට ඒ අවස්ථාව සීමා වෙනවා.
වඩා හොඳ පිටිපද පාස්කු නාට්‍යයද, නැතිනම් දූවේ පාස්කු නාට්‍යයද යන්න පිළිබඳව විනිශ්චයක් කිරීමට මා සූදානම් නැත.
එහෙත් මෙම නාට්‍ය දෙකේ පිටපත් විමර්ශනය කිරීමේදී දුවේ නාට්‍ය පිටපතේ ඇති කාව්‍යමය බව මා පිටිපන පාස්කුව තුළ දකින්නේ නැත.

කෙසේ වෙතත් තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මහා කැපකිරීම් කරමින් අදටත් ඉදිරි පරපුරටත් මේ සුවිශේෂී නාට්‍යය අත්දැකීම උරුම කර දීමට දුවේ සහ පිටිපන පාස්කු නාට්‍යය කරුවන් දරන උත්සාහයට මම දෝත් මුදුන් තියා ආචාර කරමි.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2024 මාර්තු 29 මහා සිකුරාදා