

පාස්කුවට අදාලව වු වාරිත්‍ර විවිධ සම්ප්‍රදයන් තවමත් එහි ක්‍රියාත්මකය.
කිතුණුවන්ගේ චතාරික සමය ඇරඹෙන්නේ අළු බදාදි දිනයෙනි.
එනම් අද දිනයෙනි.( මාර්තු 06)දූව ග්‍රාමයේ මේ චාරිත්‍රය සෑම වසරකදිම ක්‍රියාත්මක වන්නේ අළු බදදාට පෙර දිනයේ යෙදෙන අගහරුවාදාය.
දූවේ එදා පටන් ම පැවැති සම්ප්‍රදාය වි තිබුනේ බිත්තර ගැසිමය.දැන් එයට තවත් දැ එක්ව තිබේ.
පාට වතුරද එහි එක් අංගයක් වැනිය.
මුල් කාලයේ මෙය ක්‍රියාත්මකව පැවැතියේ කුණු බිත්තර ප්‍රහාර එල්ල කිරිමය.
මෙහි මුල් අදහස ගැන දුවේ ගම්වැසියෙකු පවසා සිටියේ අළුත් ගිවිසුමට අනුව ගුරු වලින් කුරුසියක් එකල නිවෙස් වල ඇද තිබිම සංකේතවත් කරුණු වස් මෙසේ ගුරු අගහරුවාදා දිනය සමරනු ලබන බවය.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දි මෙම චාරිත්‍රයට තරමක් බාධාවන්ද එක්ව තිබුණ සැලය.
එනම් පොලිස් නිළධාරින් පැමිණ මෙසේ ගුරු සහ බිත්තර එල්ලකරන එක වලකා ලිම සදහා යම් මැදිහත්විමක් සිදුකර තිබිමය.
කෙසේ වෙතත් දුවේ ගමේ පමණක් නොව ඊයේ දිනයේ පිටිපන ලෙල්ලමේද ඇතමෙක් සිය මාළු වෙළදාම් රැකියාවල නිරතව සිටියේ හෙල්මට් පැළද විමද විශේෂත්වයකි.එනම් ඒ බිත්තර ප්‍රහාර වලින් වැලකි සිටිමටය.



