කොච්චිකඩේ නගරයේ පවත්වන බදාදා රාත්රී පොළෙහි ද ටෙන්ඩරය අළුත් කිරීමක් නැතිව කලින් සිටි ටෙන්ඩර්කරු මුදල් එකතු කිරීමක් සිදුකරන බව වාර්තා වේ. අප මේ පිළිබඳව කළ විමසීමේදී ඒ සම්බන්ධයෙන් මීගමුව නාගරික කොමසාරිස්වරයා ප්රකාශ කළේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් , ඒ ගැන සොයා බලන බවත්ය.
එමෙන්ම මීගමුව ඩී.එස් සේනානායක පාරේ රාත්රී පොළෙහි ද ගැටළුකාරී තත්වයක් තිබෙන බවත් ඊට තවමත් විසඳුමක් නැති බවත්, ඒඅවට කඩ හිමියන් ප්රකාශ කරයි. තමන්ට සිදුවන අසාධාරණයක් සම්බන්ධව මොහොමඩ් පෂ්මි නමැත්තාද මීගමුව නාගරික කොමසාරිස්වරයා ට ලිපියක් යොමුකර ඇති අතර ඹහු මේ සඳහා විසඳූමක් බලාපොරොත්තුවෙන් සිටී.
සියළු කරුණු සළකා බලා සාධාරණ විසඳූමක් මීගමුව නාගරික කොමසාරිස්වරයා විසින් දිය යුතුව තිඛේ.