දූෂණ වාර්තා ගැන සාකච්ජා නොකර නගරාධිපති පැනගිහින්.?

0
108

මීගමුව මහනගර සභාවේ අද පැවති කාරක සභා අවස්ථාවේදි වංචා දුෂණ සිදුව ඇතැයි සාධාරණ සැක පහල ව ඇති වියදම් විස්තරයන් පිළිබදව වඩාත් විස්තරාත්මක ලෙසින් සාකච්ජා කිරිමට විපක්ෂ මන්ත්‍රිවරුන් සුදානම් ව සිටියදි නගරාධිපතිවරයා අසුනින් නැගිට යමින් රැස්විම හමාර කිරිම තම පක්ෂයේ නාගරික මන්ත්‍රි කණ්ඩායම සිය බරපතල විරෝධය පළ කර සිටින බව එක්සත් ජාතික පක්ෂ නගාරික මන්ත්‍රි රවි ජිවානන්ද මහතා අප කළ විමසුකමට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
මේ බොහොමයක් ඒවා බොරළු පිරවිම් පිළිබදවය. ලක්ෂ 19 ක් පමණ මුදල් ලබාගෙන තිබුනද ඒ මුදලට සරිලන ලෙසින් බොරළු යොදා නැත.නිදහසුනක් ලෙසින් පෝරුතොට ඉස්සන් වාඩිය ක්‍රිඩාංගනය පිළිබදව මතුව ඇති ප්‍රශ්ණය. මේ පිළිබදව මුදල් කාරක සභා අවස්ථාවේදි විපක්ෂ නියෝජිත නස්මියාර් මන්ත්‍රිවරයා මතු කර ඇත්තේ මෙම බොරළු යොදන භූමිය නගර සභාවට පවා අයත් නැති එකක් බවය.එමෙන්ම පාරක් තිබුණ කන්‍යාරාමයකට පාරක් දැමිම සදහාද ලක්ෂ 19 ක් වැය කරමින් බොරළු යොදා ඇත.
මේවා සියල්ල සාකච්ජා කර ගැනිමට තිබියදි නගරාධිපතිවරයා ඒවා මගහැර යාම පැන යාම ඉතාමත් ලැජ්ජාවට කරුණක් බව තවදුරටත් රවි ජිවානන්ද මන්ත්‍රිවරයා පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here