මීගමුව මහනගර සභාව හා කටාන ප්‍රදේශීය සභාව වෙන් කරන සීමාවක් ලෙස සැලකෙන දෙපා ඇල අපවිත්‍ර වී ඇත. ජපන් ජබර,water hyacinth වැනි ශාක වැඩී ඇල පුරන් වී ඇති ආකාරය දක්නට තිබේ.
මෙම ඇල පවිත්‍ර නොකිරීමෙන් ගංවතුර උවදුරටද කටුවපිටිය,කොටස්වත්ත,රඉර්වත්ත,ජයරත්න පාර,දළුපත,කට්ටුව,වගුරුවත්ත පෙදෙස් යටවීම දක්නට ලැබේ.දීර්ඝ කලක පටන්මෙම ඇල සුද්ද පවිත්‍ර නොකිරීමෙන් ඉදිරියේදී සුලු වැසි අවස්ථා හෝ දැඩි වර්ෂාපතනයකදී මෙම පෙදෙස් ගංවතුරෙන් යටවීමට ඇති අවස්ථාව අධිකය. මෙම ඇල පවිත්‍ර කර ජලය ගලා යාමට සලස්වන්න.මෙය පළාත් සභාව සතුනම් වගකිවයුුතු නිලධාරීන්ගේ අවධානයට යොමු කරමු.
ඡායා හා සටහන – පුරවැසි මාධ්‍ය සුජාඉල් මුනීර්