දෙපා ඇල එකපා ඇල කරයිද?

0
227
dallupotha illegal Building

දළුපත ප්‍රෙටල් ෂෙඩ් එක අසල ඇති  දෙපා ඇල කොළඹ හලාවත පාරට යටින්
දෙපැත්තකින් ගලා යමින් ඉන් පසුව එක ඇලක් සේ හැමිල්ටන් ඇලට වැටී අවසන් වේ. ඉන් එක ඇලක් ගලාගෙන යන්නේ මස් කඩයක් අසලින්ය. එම මස් කඩය ද ඇලට බාධාකාරීව තනන ලද්දකි.  පාරෙන් අනෙක් පස අනවසරෙන් ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී. එය ද මෙම ඇලට  බාධාකාරිව පවතින්නකි.  එහිම අනෙක් පස ඇති  පරණ යකඩ බඩු වෙළඳාම් කරන කඩය තනා ඇත්තේ විදුලි බල මණ්ඩලයට අදාළ විදුලි කණුවක් ආධාර කොටගෙනය.
මේ වනවිට ඒ අසල ඇති කොට්ටම්බා ගසක අතු කපා දමා යකඩ බඩු කඩේ සුන්බුන් ද ඇලට දමා ඇල වසා ඇත. මෙහි ඉදිරි ක්‍රියාමාර්ගය මුළුමනින්ම එම ඇල මාර්ගය වසා දමා ගොඩකර භූමිය තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සදහා යොදැගැනීමටදැයි ප්‍රදේශවාසීන් අතර සැකයක් පවතී. මේ සියලු දෑ  සාමාන්‍ය වැසියෙකුගෙන් සිදුවී නම් නීතිය හරස් වී දඩුවම් ලබාදී හමාරය. එනමුත් ඉහත කි සියලු දෙනා නීතිය නොසලකා නිදහසේ මෙම නීති විරෝධි කටයුතු කරගෙන යයි. තත්ත්වයන් මෙසේ පෙළෙ ගැසේ නම් නගර සභාව සහ එහි නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන කුමක් සදහා දැයි අපි ප්‍රශ්න කරන්නෙමු !
එසේම දේශපාලකතුමන්ලාද මේ ගැන නිහඩව සිටින්නේ නම් එය ඔවුන්ගේ ද බරපතල වරදක් වන බව කිව යුතුමය.

යකඩ බඩු කඩය අසලින් ඇල ගොඩකර ඇති අයුරු
යකඩ බඩු කඩය අසලින් ඇල ගොඩකර ඇති අයුරු

දලුපත මස්කඩේ ඉදිරිපිට ඇල ඉවුරේ සිදුවන අනවසර ඉදිකිරීම