දෙමටපිටියේ වැලි සේදීමේ ව්‍යාපාරය නැවතත් – පරිසර නිලධාරීන් නිහඩයි ?

0
63

20187935_1078522128950341_221200538_nවෙන්නප්පුව – දෙමටපිටිය ප්‍රදේශයේ සිදුකරන වැලි සේදීමේ ජාවාරමක් හේතුවෙන් එම ප්‍රදේශයේ අනවශ්‍ය පරිසර ප්‍රශ්න රැසක් ඇතිවී තිඛෙන බව පරිසරයට හිතැති ගොවි සංවිධාන ක්‍රියාකාරීන් චෝදනා කරති. 2016 වසරේදී  පුද්ගලයන් පිරිසක් විසින් මේ ආකාරයේ වැලි සේදීමේ ව්‍යාපාරයක්  කරගෙන ගිය ඔවුන්ට වයඹ පරිසර අධිකාරියෙන් තහනමක් පැනවූ පසු එය නවතා දැමුණි.
දැන් නැවතත් මේ ව්‍යාපාරය දෙමටපිටිය වෙල්යාය තුළ ක්‍රියාත්මක කරමින් පවතී. පිටින් වැලි ගෙනවිත් වෙල්යායට ආසන්න භූමියක වැලි සේදීම සිදුකරන අතර රොන්මඩ සියල්ල වෙල්යායට මුදාහරියි. මෙම ව්‍යාපාරය සිදුකරන්නේ කිසිදු රාජ්‍ය ආයතනයක අවසරයකින් නොවන අතර ඔහු  ප්‍රදේශයේම පුද්ගලයෙකු  සහ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ  පුතෙකු බවද වාර්තා වේ.ප්‍රින්සි  නිශාන්ති – වෙන්නප්පුව 

Save

Save