දෙමළ ජනතා අයිතින් ඉල්ලා දැවැන්ත ව්‍යාපාරයක් අද යාපනයෙන් ඇරඹෙයි !

0
69

‘එළුඟ තමිල්’ නොහොත් දෙමළ ජනතාවනි නැගිට්ව් නමින් දැවැන්ත ව්‍යාපාරයක් අද දිනයේ යාපනය නගරය තුල ක්‍රියාත්මක විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යාපනය මාධ්‍ය සමාජයේ කැදවුම්කරු දයාබරන් රත්නම් මහතා සදහන් කර සිටියේ 2006 වසරට පසු යාපනය තුල ක්‍රියාත්මක වු දැවැන්ත සිවිල් විරෝධතා ව්‍යාපාරය මෙය බවයි.මේ සදහා 15000 කට ආසන්න ජනතාවක් එක්ව සිටි බවද ඔහු දක්වා සිටියේය.
මෙය මුළුමනින්ම සිවිල් ජනයාගේ පුළුල්ම දායකත්වයෙන් සිදුවුවක් බවද ඔහු සදහන් කර සිටියේය.
උතුරේ ඉඩම් හමුදාව විසින් අත්පත්කර ගෙනසිටිම අතුරුදහන්වුවන්ගේ සහ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය බෞද්ධකරණ වැඩපිළිෙවල ,දේශපාලන විසදුමක් ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල්කොට ගෙන මෙම විරෝධතා ව්‍යාපාරයක ක්‍රියාත්මක තිබුණි
අද (24) උදෑසන සිට යාපනයේ සියලුම වෙළඳ සැල් වසා වෙළෙන්ඳන් ද මෙම විරෝධතාවට සහය පළ කර සිටි අතර යාපනයේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද බස් ධාවනයෙන් ඉවත් වී විරෝධතාවයට සහය දක්වා ඇත.
මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදි වව්නියාව මඩකලපුව වැනි ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරිමට යෝජිත බවද හෙතෙම සදහන් කර සිටියේය.

ඡායාරූප පහතින්.

ඡායා- වන්නි – රොමේෂ් මධුෂංඛ /Asianmirror

 

La