දෙවියන්ගේ ආලෝකයෙන් යක්ෂයා එළිය බැලීම

0
100
ගල්කන්ද හන්දිය
ගල්කන්ද හන්දිය
ගල්කන්ද හන්දිය

(17.30pm)මීගමුව  ගල්කන්ද   හංදියේ  රේල්පාර  අසල  සුරුවම  දෙවියන්  සදහා  වෙන්වූ   ස්ථානයකි.  දිවාකාලයේදී   ඒසදහා  ඉඩකඩ  ලැබුනද   දිවා  රාත්‍රි  මෙම
ස්ථානය   වෙනත්  අපචාර,  මත්ද්‍රව්‍ය  භාවිතාකරන්නන්ගේ  කටයුතු සදහා   ඉඩකඩ   සැකසී  ඇති තැනක්  බවට  පත්වී  ඇති  බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.
විශේෂයෙන්  රාත්‍රි  කාලයේදී   මෙහි  දැල්වෙන  විදුලි  බුබුළු  යොදා  ගැනෙන්නේ   එවැනි  කටයුතු  සදහා  ආලෝකය  ලබාගැනීමට  බවත්  ප්‍රදේශවාසීන්  පවසති.
මීගමු  නගරයේ  අදුරු   අහුමුළු    පමණක්  නොව   ආලෝකය   සහිත  තැන් වලද   කෙරෙන විවිධ  අපචාර  පිළිබදව   ජනතාව  අතර    නිතර  කසුකුසු  පවතී.
මත්ද්‍රව්‍ය  වෙළදාම  සහ  ඒමත  ගොඩනැගෙන  සියළු  දුරාචාරයන්  සඳහා විරුද්ධ  වන්නන්  සිටිනවා  සේම  එයට   උඩගෙඩි  දෙන්නන්ද  සිටී.  ඒ  නිසා
කිසි  බයක්  සැකක්  නැතිව  ඉහතකී  තැන්වල   උඩින්  ටොපි  බෝතල්  පෙන්නා  යටින්  අරක්කු   විකුණන්නාක්  මෙන්  මෙම  කටයුතු    සිදුකරනබව   ආරංචිවේ.
මෙවැනි  තිප්පොලවල්   නඩත්තුකරන්නන්  හට  ඒ  සදහාමවූ  විශේෂ හැකියාවන්  ඇත.  මත්ද්‍රව්‍ය  සහ  මත්පැන්  වලට  ඇබ්බැහි  වූවෝ   මේවා
කරා   ඇදෙන්නේ   පහන්  දැල්ලට  ඇදෙන  පලගැටියන්  ලෙසිනි මේ  අනුව   දිවාකාලයේ   නොපෙනෙන   දේවල්  රාත්‍රිකලයේදී    පෙනෙන   බවත්,
එසේ  පෙනුනත්   ඒවා  වෙනස්  කිරීමට  කිසිවෙකු   ඉදිරිපත් නොවන  බවත් මේ  ගැන  දන්නා  අය  පවසති. සියලු  වගකිවයුත්තන්ගේ අවධානය පිණිසය.