දෙසැම්බර් 22 ජාතික නත්තල් උත්සවය නිසා ගැටළු රැසක් මතුවෙන ලකුණු ?

0
59

traffic-plan2016 ජාතික නත්තල් උත්සවය  මීගමුව මහවිදිය දේවස්ථානයේදි පැවැත්විමට සියළු කටයුතු මේ වන විට නිමවෙමින් ඇති බැව් වාර්ථාවේ.
මෙහි සංවිධාන කටයුතු පිළිබදව පැවැති සාකච්ජාවන වලදිදි  මීගමුව ජනතා ක්‍රියාකාරින්ගේ අදහස් විමසිමක් සිදුකර තිබුණද කර තිබුණ එකම ඉල්ලිම වි තිබුනේ
හැකි තරම් සෙනග රැගෙන එන ලෙස පමණි.
මීගමුවට නත්තල් යනු දැවැන්ත උත්සවයකි.අතිවිශාල ජනකායක් මීගමුව නගර කරා ඇදි ඒමට නියමිතය.
මේ පසුබිම යටතේ ජනාධිපතිවරයා පැමිණෙන උත්සවයක් නත්තල ආසන්නයේ මහවිදිය වැනි ස්ථානයක යොදාගැනිම හේතුකොට මතුවිය හැකි ගැටළු රැසක් ගැන එහි ප්‍රයෝගිකත්වය ගැන දන්නා බොහෝ දෙනා පෙන්වා  දි තිබුණද මහවිදිය පල්ලියේ පියතුමාගේ එකම සිහිනය මෙම උත්සවය මහවිදියේම පැවැත්විම නිසා ඒ සියළු අදහස් සැලකිල්ලට ගැනිම මගහැරි ගොස් තිබුණි.
ජනාධිපතිවරයා පැමිණෙන නිසාම අනිවාර්යෙන්ම ආරක්ෂාව තර කෙරෙනු ඇත.පැය 2 උත්සවයක් සදහා වුවත් දවසක් පුරාවට ආරක්ෂක විධිවිදාන තර කෙරෙනු ඇත.
මෙහිදි මතුවිය හැකි බරපතලම කරුණ වන්නේ රථවාහන නැවැත්විම පිළිබදව ගැටළුවයි.
මහවිදිය අවට  රථ ගාල් කිරිම සදහා කිසිදු ඉඩ කඩ ඇති තැනක් නැත.
මේ සියළු කරුණු සලකා බැලිමේදි ජාතික නත්තල් උත්සවය මීගමුවට ගෙනඒමේදි මහවිදිය පල්ලියට වඩා ගැලපෙන තැනක් තිබුනේම නැද්ද යන ප්‍රශ්ණය දැනටමත් නැගෙන්නට පටන් ගෙන තිබේ.