දේදුණු නගරයේ පහන නිවි යයි !

0
34

මීගමුව දේදුණු නගරයකි. එහි සියළු ජාතින් සියළු ආගමිකයන් සාමයෙන් කල්ගෙවති.
ඒ නගරයේ මහ පහන් ටැඹක් වැනි ආගමික නායකයෙකු සිටියහ.
කිතුණුවන් බහුතරයක් වෙසෙන මීගමුව වැනි නගරයක වැඩිම දෙනෙක් ආදරය කරනු ලබන ආගමික නායකයෙකු සිටියේ නම් ඒ උන්වහන්සේය.
ඒ හිමියන්ට කතෝලික පල්ලියද මුස්ලිම් පල්ලිය මෙන්ම හින්දු කොවිලේ ද සියළු ආගමික නායකයන් එකසේ ගරු බුහුමුනින් සැමදා පුදනු ලැබිය.
මීගමුවට සාමයේ ආලෝකය නිබදව බෙදා දුන් ඒ පහන දැන් නිවි ගොසිනි.
කොන්දගම්මුල්ලේ ඥානසිරිහිමියනේ ඔබගේ නික්ම යෑමෙන් මීගමුව නගරය තුල ඇතිවන අන්තර් ආගමික සහජිවනයේ හිඩැස් පුරවාලන්නට කිසිවෙකුත් නැතැයි අපට සිතේ.
ඒ ඒතරම්ම ඔබ එහි පහන්ටැඹ වු නිසාවෙනි.