
පසුගිය වසරේ මිගමුවේ කටුවාපිටිය පල්ලිය දෙසට යන පාරක් පිහිටි ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව තබා ඇති විදුරු කූඩුවට ගලකින් ගැසිමේ සිදුවිමක් වාර්ථා විය.
එය සිදුව තිබුනේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුව තෙමසක් ගෙවුන තැනදිය.
ඒ සිදුවිම සම්බන්ධනේ ප්‍රදේශයේ කතෝලික ජනයා කිසියම් කලබලයට පත්ව තිබුනද ඒ අයව සන්සුන් කරගැනිමට කතෝලික පියවරුන් පියවර ගෙන තිබුණි.
මේ ගල් ගැසිම සිදුව තිබුනේ හමුදා ආරක්ෂක කපොල්ලක් මිටර් 100 ක පමණ දුරින් ඇති තැනක විමද මෙහිලා සටහන් කළයුතුමය.
කෙසේ වෙතත් අද වෙන තුරුත් මෙසේ ගස් ගසන්නට ඇත්තේ කව්රුන් දැයි සොයාගැනිමට පොලිසියට හැකිව තිබුනේ නැත.
ඊට පෙර අවස්ථා කිපයකදිම කිසියම් නොහික්මුණු තරුණ පිරිසක් මුස්ලිම් කඩ කිපයට සහ එහි හිමිකරුවන්ට තර්ජනය කොට පහරදිම ගැන පොලිස් පරික්ෂණ පැවැත්වුනද ඒ පිරිස සොයාගත් බවක් වාර්ථා වුයේද නැත.ඒ තරුණ පිරිස පැමිණි යතුරු පැදි අංකද මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට යැවු බව එකල පොලිසිය කියා සිටියේය.
අප සිටින්නේ පැවැත්වේ යැයි සිතිය හැකි මැතිවරණයක් අබිමුවේය. අගාමික සංහිදියාව බිද දමා එහි වාසිය ඡන්දය වෙනුවෙන් ඩැහැගැනිමට කැස කවන ජාතිවාදි දේශපාලනයක්ද අප රට තුල ක්‍රියාත්මක වෙන අයුරු අප ඇස්පනා පිට අත්දැක ඇත්තෙමු.
දැන් යළිත් මේ මැයි මාසයේදි පුත්තලමේදි ප්‍රතිමා විදුරු කූඩු දෙකකට පහරදිමක් සිදුව ඇති බව ලංකාදිප වෙබ් අඩවිය ඊයේ වාර්ථා කර තිබුණි.
පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කර කඩා දමා තිබෙන බව පුත්තලම පොලීසිය පැවසු බව එහි සදහන්ය.
මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ විදුරු කූඩුවට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවටයි.
පුත්තලම මිසම් පාලක පයස් කෙනඩි පියතුමන් පොලීසියට කල පැමිණිල්ලක් අණුව පුත්තලම පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් හා පොලිස් නිළ සුනඛ රොකී යොදා ගනිමින් මේ වන විටත් පරික්ෂණ කරන බව පුත්තලම පොලීසිය පැවසීය.
මේ සිදුවීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයකු හෝ පිරිසක් සිටීද යන්න සොයා බැලීම සඳහා පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පුත්තලම පොලීසියේ වැඩබලන ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රසිරිලාල් මහතා විසින් පවසා ඇතැයිද වැඩිදුරටත් ඒ පුවතේ වාර්තාවි තිබේ.
(ඡායාරූප – රෝවන් පෙරේරා)
මුලාශ්‍රය- ලංකාදිප වෙබ් අඩවිය