දේශපාලකයන්ගෙයි පල්ලියෙයි ගණුදෙනු නිසා අසරණ වෙන මිගමුවේ මාළු වෙළෙන්දෝ ?

0
209

මේ දිනවල පවතින දැඩි අව් රශ්මිය හමුවේ දැවැන්ත පිඩාවකට ලක්විමට මිගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළඳ සැලේ මාළු අලෙවිකරන්නන් හට සිදුව තිබේ.

එයට හේතුව වි තිබුනේ විදේස ආධාර යටතේ මීට වසර කීපයකට පෙර තැනට නොගැලපෙන අයුරින් යකඩ සහ තහඩුවලින් ඉදිකර තිබු මාලු වෙලඳ සැල පසුගිය කාලය තුල කඩා වැටෙන්නට පටන් ගෙන තිබිමය.

නිමල් ලංසා විසින් ඉදිකරන්නට යෙදුන මෙම මාලු වෙළද සැලේ පාලනය වැල්ලවිදියේ පල්ලිය වෙත පවරා තිබුණි.

මේවන විට මාලු වෙළඳ සැලේ අවසන් වහලයද කඩාවැටි තිබේ.

දේශපාලකයන් මෙන්ම පල්ලි⁣යේ පියතුමන්ලාද මේ තත්වය ගැන විමසා බැලිමට මිට වසර කිපයකට පෙර මෙහි පැමිණ තිබුණි.

එහෙත් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු තාමත් ඉබි ගමනේය.