දේශපාලකයන්ගේ VIP ගැහිල්ල නිසා හෙට මීගමුවට විදින්න ගෙනා එන්නත් ඉවරවෙලා !

0
125

ජනාධිපති ගෝඨාබහ රාජපක්ෂ විසින් හමුදාවද යොදාගෙන වැඩි ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු ග්‍රාම සේවා වසම් සහ අනෙකුත් අංශ වෙත එන්නත ලබාදිමට කටයුතු සැලැසුම් කර තිබියදි ඇතැම් දේශපාලකයන් විසින් සිය හිතවතුන් කැදවා මේ එන්නත විදිමට කටයුතු කරගැනිමත් සමගින් අත්‍යවශ්‍ය අයවෙත එන්නත් ලබාදිමට නවතා දමන තත්වයක් උදාවි ඇත.
මේ ජඩ දේශපාලනය නිසා සැබැවින්ම අවමානයට ලක්වන්නේ ජනාධිපතිතුමා ඇතුළු මේ රජය බව අප අමතා කථා කළ ප්‍රබල පොහොට්ටු ක්‍රියාකාරින් කිප දෙනෙකුම කියා සිටි අතර ඒ පිරිස අතර මිගමුවේ නාගරික මන්ත්‍රිවරුද වෙති.
ලංසා පවුලට මිගමුව ජනතාව වැදගත් වන්නේ ඡන්දය ඒමට පමණක් බව දැන් යළි යළිත් ඔප්පු වෙමින් ඇති බව මේ නිහින ක්‍රියාවෙන්ද පෙනි යන බව මිගමුවේ ප්‍රගතිශිලින්ගේ පොදු මතය වි තිබේ.
(මේසා ජරා ජිර්ණ දේශපාලකයන්ට තවමත් ආවඩන ඒවා විවේචනය නොකරන කිතුණු පියවරුන් සිටිම සැබැවින්ම කණගාටුවකි.)
මේ පසුබිම තුල යොදාගත් සැලැස්ම අනුව කුරණ බෝලවලාන ඇතුළු ග්‍රාම සේවා වසම් අය සදහා තලාදුව පාරේ මාතෘ නිවාසයේදි එන්නත විදිමට කටයුතු යොදා තිබුණද දැන් වාර්තා වන්නේ හෙට විදිමට ගෙනා එන්නත් දැනටමත් අවසන් වි ඇති බවය.



අප පසුගිය දවස් කිපය පුරාම හෙළිදරව් කර සිටියේ මිගමුවේ සමාන්‍ය ජනතාව විදිමට ගෙනා එන්නත් ලංසා පවුලේ දේශපාලන හිතවතුන්ට මෙන්ම විශේෂයෙන්ම හිතවතියන්ට දැනටමත් විදිමට පියවර ගැනිම නිසා මිගමුවේ වෙනත් පලාත් වලට එන්නත ලබාදිමට නොහැකි තත්වයක් දැන් නිර්මාණය වි ඇති බවය.
කුරණ බෝලවලාන ප්‍රදේශවල පමණක් 3000 ආසන්න ප්‍රමාණයක් මෙසේ එන්නත ලබාගැනිමට සුදානමින් සිටි බව වාර්තා වන අතර අද මේ පිළිබදව පල්ලිවලින්ද දැනුම්දිම කර තිබුණි.

හෙට එන්නත ලබාගැනිමට එන අයට හිස් අතින් ගෙදර යාමට සිදුව ඇත්තේ දේශපාලකයන්ගේ ජඩකම නිසා මෙන්ම රූකඩ බවට පත්ව ඇති මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා නිසා බව ඉතා පැහැදිලිය ජනතාව දැනගත යුතුව තිබේ.
මේ අය සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජිවිත සමගිනි.
අප අද පස්වරුවේ හෙලිදරව් කළ පරිදි මිගමුවේ නගරාධිපති වරයාට මිගමුවේ ජනතාවට වඩා ඔහුගේ VIP කාන්තාවන්ට එන්නත විදිමට තිබු උනන්දුවේ තරම ගැන අප කරුණු සහිතව හෙලිදරව් කලේ මේ දේශපාලකයන් මිගමුවේ ජනතාවට ඇති ආදරයේ තරම සැබැවින්ම පෙන්වා දිමටය