දේශපාලකයන් වෙනුවෙන් බොරු කියන මිගමුවේ නිළධාරින් ?

0
135
oznor
oznor

මීගමුවේ ක්‍රිඩාපිටි නිසි නඩත්තුවක් නොකර දේශපාලන හිතවතුන්ගේ පරිහරණයට ලබා දි තිබිම නිසා මේ වන විට බරපතල විනාශයකට ලක්ව තිබේ.
දැනට දශකයකටත් වඩා වැඩි කාලයක් මිගමුවේ පාලනය යටත්ව ඇත්තේ එක් දේශපාලන පවුලක් හටය. ඒ් අනුව මිගමුවේ සම්පත්ද ඒ් දේශපාලන පවුලේ හිතවතුන්ගේ සහ හිතවතියන්ගේ පුද්ගලික බුදල් බවට පත්ව තිබේ.
මේ පසුබිම තුල යළිත් වටයකින් සිය දේශපාලන හිතවතුන් සතුටු කිරිමට සහ ඒ් අයට හම්බකරගන්නට මිගමුවේ ඇති ප්‍රධානම ක්‍රිඩාපිටිය පැවරිමට මේ දිනවල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකය.
මේ කුමන්ත්‍රණයට දවටා ඇති අකුරු සළුව වන්නේ ක්‍රිඩා පිටිය දියුණු කිරිම සංවර්ධනය කිරිම යන්නයි . ඒ් අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒය ලබාදිම සදහා මහජන නියෝජිතයන් පවා රවටාලමින් කටයුතු කිරිමට මේ වන විට රෙදි ඇන්දත් ලැජ්ජාවක් නැති මිගමු මහනගර සභාවේ ලේකම් ඇතුලු පිරිස කටයුතු කරමින් සිටින ආකාරය සැබැවින්ම පිළිකුල් සහගත බව මිපුර අමතා කථා කළ ප්‍රගතිශිලි ( අපත විපක්ෂයද් සිටි )විපක්ෂයේ සමාජිකයෙකු කියා සිටියේය.
පසුගිය මහසභා රැස්විමකදි මේ ක්‍රිඩා පිටි ප්‍රශ්ණය සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි .සහ එයට අදාල පත්කර ගතයුතුව ඇති කමිටුව ගැන කිසිවක් මහසභා වාර්ථාවේ නොලියා මිගමුව නාගරික ලේකම් රෙදි නැතුව කඩේ යන්නේ කාටදැයි දැයි ඉතා ප්‍රසිද්ධියේම අසන්නට සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය කරමින් එජාප නාගරික මන්ත්‍රි සංගිත් කියා සිටියේ මිගමුවේ නාගරික ලේකම් දේශාපාලකයන්ගේ උවමනාවෙන් වෙනුවෙන් ඒළිපිටම කඩේ යන ආකාරය සැබැවින්ම පිළිකුල් සහගත බවය.
ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන් ගැනිමට කටයුතු කරන බවද මිපුර අමතා අවධාරණය කරසිටියේය.