දේශපාලකයෙකුගේ උපන් දිනය සමරන්න පාසැල් දරුවන් කැන්දන් ආවේ කව්ද ?

0
263

dayan B day 1යහපාලනය මිගමුවට තවමත් පැමිණ නැතැයි  අප නිරන්තරයෙන්ම මතුරකරන්නට යෙදුන කාරණයකි.එනම් මිගමුවේ බොහොමයක් තැන්හි ඇත්තේ යහපාලනයක් නොව වල් පාලනයකි.
මීගමුවේ දේශපාලකයෙකු ගේ උපන් දිනය සමරන්නට අද පාසැල් නිළ ඇදුමින් සැරසුන දරු දැරියන් පිරිසක් නගර ශාලාව තුල සිටින ඡායාරූප අදාල දේශපාලකයා විසින් මේ වන විටත් සිය මුහුණු පොත මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
ඒ අවස්තාව සදහා ඇතැම් ගුරුවරුන් මෙන්ම ගුරුවරියන් පිරිසක්ද එක්ව සිටින පෙනේ .
පසුගිය කාලය තුල දේශපාලකයන්ට කඩේ යවන්නට පාසැල් දරු දැරියන් යොදා නොගත යුතු යැයි අවස්ථා ගණනාවකදිම කියා තිබුණද දැන් මිගමුෙව් වල් පාලනය තුල යහපාලනය කම්බස් වෙමින් ඇති අයුරු දැන් නම් තවත් අගේට පෙනේ.