දේශපාලකයෝ මුතුරාජවෙල තෙත් බිම් කලාපය විනාශ කරති ?

0
88

වත්මන් රාජපක්ෂ පාලනය මෙරට තුල ක්‍රියාත්මක කිරිම ආරම්භ විමත් සමගින් දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති ක්ෂේත්‍රය බවට පත්ව ඇත්තේ පරිසරයයි.
එක්කෝ කෑලැ කපති. නැතිනම් වැලි හාරති.
තවත් අය අය ඉහල වැදගත් කමකින් යුත් තෙත් බිම් කලාප පවා විනාශ කරන්නට මාන බලති .

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට යාබදව ඇති ජාඇල ඉදිරිවිටිය ප්‍රදේශයේ මුතුරාජවෙල තෙත් බිම් කලාපයට අයත් අක්කර තුනක පමණ කුඹුරු ඉඩමක් පොහොට්ටු පක්ෂයේ ජා-ඇල නාගරික මන්ත්‍රීනි ඈන් දීපිකා මර්කස් විසින් ගොඩකර ඇතැයි ලංකා ටෲත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම ගොඩකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පසුගිය 15 වනදා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ නිලධාරීන් සහ වනජීවී දෙපාර්තමේන්තුව නිලධාරීන් වැටලීමක් සිදු කර ඇති අතර එම ගොඩ කිරීම අත්හිටුවා ඇතැයිද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නීතිය බලාත්මක කිරීමේ ඒකකය, වගුරු බිම් ගොඩකරන්නන් වටලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගයෙන් පිහිටුවනු ලැබූ ආයතනයක් වන අතර එම නිලධාරීන් තමන් විසින් සිදු කළ මෙම වැටලීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අදාල යන්ත්‍රෝපකරණද රැගෙන කඳාන පොලිසියට ගිය අවස්ථාවේ කඳාන පොලිසිය විසින් එම පැමිණිල්ල භාරගෙන නොමැත. එම ඉඩම ගොඩ කිරීම සඳහා යොදාගෙන තිබූ යන්ත්‍ර සූත්‍රද මුදා හැර තිබේ. එලෙස එම යන්ත්‍ර සූත්‍ර මුදාහැරීම පිටුපසද ප්‍රදේශයේ ප්‍රභල දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් සිදුව ඇති බවට ජනතාව සැක පල කරයි.

එම වැටලීම සිදුකිරීමට ගිය වනජීවි නිලධාරීන්ට, එම මන්ත්‍රීවරිය විසින් තර්ජනය කර ඇතැයිද වාර්තා වේ.