දේශපාලනඥයාට ශාප කරන ජනතාව නිලධාරීවාදයේ භයානක කම තේරුම්ගන්නේ කවදාද ?

0
67

දේශපාලනඥයාට ශාප කරන ජනතාව නිලධාරීවාදයේ භයානක කම තේරැම්ගන්නේ කවදාද ?

වයඹ පළාත් සභාව විසින් 2016 වසරට අදාළව නිකුත් කර ඇති පාලන වාර්තාව නම් ග්‍රන්ථයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දුගේ නම ඇතුළත් කර නොමැති බව වාර්තා වේ. මෙම ග්‍රන්ථයට වයඹ පළාත් සභාවේ සිටින සියලූම දේශපාලනඥයින්ගේ තනතුරු හා ඡායාරූප ඇතුළත් කර ඇති අතර චිත්‍රාල් ප්‍රනාන්දුගේ නම ඇතුළත් නොකීරිම පුදුම සහගත වුවත් එය අහම්බයක් නොවේ.
මෙම අතපසුවිම පිටුපස වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දුගෙන්  යම් පිළිගැනීමක් සිදුකර ඇති බවට සක්සුදක් සේ පැහැදිලි ව්. මෙයට ප්‍රධාන ලෙස බලපෑ හැකි කාරණය ලෙස සදහන් කළ  හැක්කේ  වයඹ පළාත් සභාවේ නිලධාරීන්ගේ විදේශගතවීම් හා ඒ සම්බන්ධ වැය වාර්තා ජනතාවට හෙළිදරව් කරන ලෙස නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින්  සිදුකළ සිදුකළ හඩනැගීමයි.
මේ සම්බන්ධයෙන් නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ මුහුණු පොතේ  මෙසේ සටහන් කොට තිබිණි.

”දේශපාලනඥයාට ශාප කරන ජනතාව නිලධාරීවාදයේ භයානක කම තේරුම්ගන්නේ කවදාද? මේ දෙපිරිසම ජනතාවගෙන් වැටුප් ගන්න ජනතා සේවකයින්. ජනතාවගේ මුදල් මිලියන ගනන් කාබාසිනියා කරන්නේ මේ දෙපිරිසෙන් කව්දැයි බලන්න එන්න වයඹ පළාත් සභාව පැත්තේ…”21106578_10154747402537539_2164748910895079692_n21730831_1667235793349035_7897614668717550385_n

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here