දේශපාලන අතපෙවිම් නිසා මීගමුවේ රු 5000 දිමේදි අර්බුද රැසක් ?

0
111

රටපුරාම රු 5000 යනු ආණ්ඩුවේ දේශපාලන ගොන්කම ඉහලින්ම ප්‍රදර්ශනය කළ වැඩසටහන ලෙස දැන් ඉතිහාසයට එක්ව තිබේ. ඒ නිකන්ම නොවේ  කොරෝනා නිසා අසරණ වනඅයට සහන සලස්සන්න යැයි විවිධ රටවලින් ආධාර උපකාර කර තිබියදි එය විනිවිද භාවයකින් ලබාදෙන්නේ නැතිව ඒ හරහා දේශපාලන වාසි ගන්නට ගොස් දැන් පස්ස බිම ඇනගෙන සිටි.
මිගමුවේදි මේ තත්වය වඩාත් පජාත වුයේ දැනඋගත්කම් නැති කොමිස් ගරානා වලට පමණක් උපන් හපන් බහුතරයක් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නාගරික මන්ත්‍රිවරුන් බවට පත්ව තිබිම නිසාය.
අද දිනයේත් ඒත්තුකාල 73 ග්‍රාම සේවා වසම තුල ලංසා හවුල් හේතුවෙන් ගැටළු රැසක් මතුව තිබුණි. එමෙන්ම මහහුණුපිටිය ග්‍රාම සේව වසමේද අකටයුතු කම් රැසක් වාර්තා වි තිබුන අතර ඒවා පිටුපස මිගමුව නියෝජ්‍ය නගරාධිපති සිටිනා බවට දැනටමත් ප්‍රදේශවාසිහු චෝදනා කර සිටිති.