දේශපාලන ක්‍රියාධරයෙකු හා සමාජසේවකයෙකු වුජෙයම් විජයරත්නම් මහතා සමුගනියි

0
71

මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසද නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ලෙසද
කටයුතු කළ ජෙයම් විජයරත්නම් මහතා පසුගිය 18 වනදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ
මහතා 76 වන වියේ පසුවූ අතර එතුමාගේ දේහය මහජන ගෙුරවය සදහා 19 වනදා මීගමුව
නගර මහ නගර සභාවේ තැන්පත් කර තිබිණි. මේ වන විට ජෙයම් විජේරත්නම් මහතාගේ දේහය වැල්ලවීදියේ පිහිටි එතුමාගේ නිවසේ තබා ඇති අතර අවසාන කටයුතු සවස 4-30 ට පැවැත්වේ.

මීගමුවේ පළමුවැනි දමිළ නගරාධිපතිවරයා බවට පත් වූ එස් . කේ . විජයරත්නම් මහතාගේ පුතුනුවෙකු වූ  1937 මාර්තු මස 08 වැනි දින උපත ලද ජෙයම් විජයරත්නම් මහතා සහෝදර සහෝදරියන් 06 දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවායි. මීගමුවේ නිවුස්ටඩ් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබ කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුඵ විය.එහිදී ඔහු භෞතික විද්‍යාව පිලිබදව උපාධියක් ලැබීය. ඉන් පසු සිය පියාගේ ඇවෑමෙන් සිය වැඩිමහල් සහෝදරයින්ගේ ආශිර්වාදයෙන් සහ සහයෙන් කි්‍රයාකාරී දේශපාලනයට පිවිසියේය. ඒ අනුව 1965 වසරේ සිට පුරා වසර 15 ක පමන කාලයක් කි්‍රයාකාරී දේශපාලනයේ නිරත විය. එම කාලවකවානුව තුල ඔහු සිව් වතාවක් එක්සත් ජාතික පක්ෂයෙන්  මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසද එක් අවස්ථාවකදී මීගමුව නියෝජ්‍ය නගරාධිපතිධුරයද   දැරීය.
1972 වසරේ අගෝස්තු මාසයේදී ජෙයම් විජයරත්නම් මහතා එවකට යාපනේ පදිංචි වී සිටි සහ එවකට කොළඹ බිෂෝප් විද්‍යාලයේ ගුරුවරියක ලෙසින් සේවය කල යෝගේෂ්වරී විජයරත්නම් මහත්මිය සමගින්්  විවාහ දිවියට එළඹ් අතර ප්‍රදේශයේ ප්‍රකට දානපති සමාජ සේවකයෙකු ලෙසද කටයුතු කලේය.
1965 වසරේ ශී්‍ර ලංකා පොල් සංවර්ධන මන්ඩලයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද කටයුතු කලේය  ග  මිය යන විට 76 වියේ පසු වු ඒ මහතා කලක සිට දියවැඩියා රෝගයෙන් පෙලූණු අතර හදිසි
හාද ආබාධ තත්ත්වයක් ඇතිවීම  මිය යාමට ආසන්නම හේතුව බව  පවුලේ ඥාතීන් පවසති.