දේශපාලන පිඩනය දරාගත නොහැකිව මහනගර සභාවේ ඉජිනේරුවරයා ඉවත්ව යයි !

0
79

සමුපේ 3(9.15 pm ) මීගමුව මහනගර සභාව දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ. ඒ අයියා මල්ලිගේ දේශපාලන අධිකාරිය වෙතින්  එල්ල වෙමින් ඇති පිඩනය නිසා නිලධාරින් නගර සභාව හැර යාමේ තත්වයක් මතුව තිබිමයි.
එහි පළමු පියවර ලෙසින් මීගමුව මහනගර සභාවේ ඉජිනේරුවා සිය කැමැත්තෙන්ම වෙනත් ස්ථානයක් කරා දැන් ඉවත් ගොස් තිබේ.මේ නගර පාලනය ආරම්භයත් සමගින් අප විසින් හෙළිකරන ලද එක් කරුණක් වුයේ නිමල් ලංසා විසින් එහි නිළධාරින් කැදවා විවිධ අණකිරිම් සහ බැනවැදිම් සිදුකරමින් තිබිමයි.
මේ නිසාම ඇතැම් නිළධාරින් විසින් එදා සිටම විමසා තිබුනේ පරිපාලන අධිකාරියට නියෝග දිමට පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසාට ඇති අයිතිය කුමක්ද යනුවෙනි.
නගර සභාවට දැරිය නොහැකි අන්දමේ දැවැන්ත ව්‍යාපෘති යෝජනා කිරිමත් සමගින් ඉජිනේරුවරයා සිය වෘත්තිය ජිවිතය තුල අර්බුද ගණනාවකට මුහුණ දිම ආරම්භ කර තිබුණි.