දේශපාලන වැඩසටහන් අපක්ෂපාතීව හා නිවැරැදිව වාර්තා කළ යුතුයි –

0
50

මාධ්‍යය සදාචාරයක් තිබෙනවා නම්, මාධ්‍ය උපමානවලින් වැඩක් නෑ. තරඟ කරන දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට, සිවිල් පුරවැසියන්ට සහ ජනමාධ්‍යයට රටේ නිදහස් සහ සාධාරණ ඡන්දයක් සඳහා වගකීමක් තිබෙනවා යැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී මාධ්‍ය අවභාවිතාව වැලැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන ගැසට් නිවේදනයේ සඳහන් කරුණු බලාත්මක කිරීම පිළිබඳව මාධ්‍ය ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේ ය.අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සම්මන්ත්‍රණය පැවැත්විණි.

තාක්ෂණය සහ නූතන ලෝකය තුළ ජන මාධ්‍ය පාලනය කිරීම සිදු කළ නොහැකියි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය වන තොරතුරු පිළිබඳව ජනතාව විශ්වසය තබනවා.එය බොරු වුවත්. තත්ප්පර තිහක කට් එක අහලා, ජනතාව තීරණවලට එළඹෙනවා. මාධ්‍යයට සදාචාරයක් තිබෙනවා නම්, මාධ්‍ය උපමානවලින් වැඩක් නෑ.ඡන්දයේ දී ජනතාවට ඡන්දය එපා නොවන ලෙස මාධ්‍ය භාවිත කිරීමේ වගකීම තිබෙනවා. ජනතාවාදී ලෙස කටයුතු කළ යුතුයි.

දේශපාලන වැඩසටහන් අපක්ෂපාතීව හා නිවැරැදිව වාර්තා කළ යුතුයි. වාතය,ජලය පරිසරය වගේම රේඩියෝ තරංග පොදු සමජයට අයිති දෙයක්. එය අවභාවිතා කිරීම ගලන වතුර පරකට මළ මිශ්‍ර කළා වගෙයි. ජනමාධ්‍ය නියාමනය මිත්‍යාවක්. ඡන්දයට සම්බන්ධ ප්‍රතිඵලවලදී ස්වයංපාලනයක් ඇතිකරගත යුතුයි.බඩු බාහිරාදිය ලබීමෙන් ඡන්දය දීමට බැදීමක් ඇතිකරගන්න එපා.
රාජ්‍ය මුදලින් බඩු බෙදීම හෝ පෞද්ගලික මුදලින් බඩු බෙදීම කරනව නම් ඡන්දය අපේක්ෂාවෙන් එය සම්පූර්ණයෙන් ම වැරදියි.

ඡන්දය කාලය තුළ බඩු බෙදීම වැරැදියි.තරඟ කරන දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට,සිවිල් පුරවැසියන්ට සහ ජනමාධ්‍යයට රටේ නිදහස් සහ සාධාරණ ඡන්දයක් සඳහා වගකීමක් තිබෙනවා.වසර 2009 දී  ජනමාධ්‍ය සඳහා උපමාන හඳුන්වාදුන්නා.නීතියෙන් පාලනය වීමක් නොව ස්වෙච්ඡාවෙන් ම පාලනය විම වැදගත්.ජනතාව කෙරෙහි ඡන්ද දායකයා කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි.ස්වාධීන කණ්ඩායම්වලටත් ජනමාධ්‍යයවල අවස්ථාව ලබාදෙන්න.ස්වාධීන කණ්ඩායම්වල නායකයන් කොළඹට කැඳවීමට බලාපොරොත්තු වෙනවා.
ජාතිභේදය, ආගම් භේදය කුල භේද ඇතිවන ආකාරයට වෛරී භාෂාව ඡන්දයේ දී භාවිත කරන්න එපා.දැන් පෙළපාලි යන්න බෑ.ඡන්දයේ දී ලංකාවට පෙළ පාලී යෑම තනනම්.නිවැරැදි කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න.රටේ පුරවැසියාට පක්ෂ පාති වෙන්න. අපපක්ෂ පාතිවන්නේ පුරවැසියාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණයි.ජනමත සමීක්ෂණ පුවත් මැතිවරණයේ දී ප්‍රචාරය කෙරෙනවා.ඒවා දානවා නම් නියැදි, කාලය, කවුද කළේ කියලා විස්තර සහිතව දැමීම වැදගත්. රාජ්‍ය දේපළ යෝදාගෙන ප්‍රචාරය කරනවා නම්, ප්‍රවේශම්වන්න. යම් යම් ආධාර දෙනවා නම් එය අල්ලස් යටතේ එන වරදක්. ඡන්දයේ දී බඩු බෙදීම අල්ලස් වරදක්.අප බලපොරොත්තු
වන්නේ මැතිවරණ නීතිය අරක්ෂා කරන්නයි.ඡන්ද ස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කර්ය බලකාය යෙදවීමට බලපොරොත්තු වෙනවා. ඡන්ද මධ්‍යස්ථානය ආරක්ෂාවට ස්වේච්ඡාවෙන් දෙදෙනෙකු ලබදෙන ලෙස
අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා. ඡන්දය ආරක්ෂා සහිතව කිරීම ප්‍රජාවගේ යුතුකමක්.

ඡන්දය භාවිතා කිරීමේ දී ජාතික හැදුනුම්පත අනිවාර්යයි. තමන්ගේ අන්‍යයතාවය හදුනගැනීමට නොහැකි නම් ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළුවීමට ඉඩ ලබාදෙන්නේ නෑ. හැදුනුම්පත් නොමැති අය සඳහා ජනවරි 2 සිට තාවකාලික හැදුනුම්පතක් ලබාදීමට කටයුතු කෙරෙනවා යැයි ද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙහිදී අඳහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා කියා සිටියේ; මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මතුවන ගැටළු විසදාගැනීමට සහාය ලබාදීමට රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවයි.මෙම කටයුත්තේ දී ජනමාධ්‍යය මත විශාල වගකීමක පවතිනවා. මෙම මතිවරණය අතිශය වැදගත්. ස්වාධීන මැතිවරණ කොමිෂමක් යටතේ පවත්වන පළමු මැතිවරණය. විශාල
අපේක්ෂකයන් ප්‍රමාණයක් මෙවර තරඟ කරනවා.එමෙන් ම මෙවර කාන්තා නියෝජනයට සියයට 25%ක ඉඩකඩක් ලබාදී තිබෙනවා.  තොරතුරු නිසි පරිදි ජනතාව වෙත ගෙන යමට ජනමාධ්‍යයට විශාල වගකීමක්
පැවරෙනවා යැයි ද පැවසීය.

70c821e90ddcfb0a1816b7d39393141a_L
මේ අවස්ථාවට අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා, මැතිවරණ කොමිෂමේ සාමාජික ජනාධිපති නීතිඥ එන්.ජී.අබේසේකර මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ ඇතුළු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාවට එක්වුහ.