දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වේබ් අඩවියක් ….

0
87

බටහිර පැපුවාහි සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන් විසින් එරට සිරගතව සිටින දේශපාලන සිරකර

වන් පිළිබදව පුවත් ඉදිරිපත් කිරීමේ අරමුණින් පැපුවන් බිහයින්ඩ් බාර්ස් (Papuans Behind Bars.)නම් වූ වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා.ඔවුන්ගේ දත්ත පවසන පරිදි 2013 වසරේ අප්‍රේල් මස අවසාන වන විට එරට දේශපාලන සිරකරැවන් 40ක් සිටින අතර පසුගිය වසරේ එම ප්‍රමාණය 210ක් පමණ වෙනවා. 

බටහිර පැපුවාව ඉන්දුනීසියාවේ කොටසක් ලෙස පැවතියත් එරට වාසීන් අවුරැදු 50ක් තිස්සේ ශවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරනවා.නමුත් ඉන්දුනීසියානු රජය බටහිර පැපුවාහි දේශපාලන සිරකරැවන් පිළිබද ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර යම් කිසි අත්අඩංගුවට ගැනීමක් සිදුවී ඇත්නම් එසේ වී ඇත්තේ ඔවුන් අපරාධ නීති කඩකිරීම නිසා බවත් පවසනවා.

බටහිර පැපුවාහි පවතින නීතිමය හා මානව හිමිකම් පිළිබද එරට සිවිල් සමාජ සංවිධාන එකමුතුවක් විසින් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතියෙන් ඔවුන් බලාපොරොත්තු  වෙන්නේ එරට මහජනතාවට මෙම තත්වය පිළිබද දැනුවත් කිරීමයි.

බටහිර පැපුවාහි පවතින තත්වය ආවරණය කරන ප්‍රධාන පෙලේ මාධ්‍යකරැවන් විවිධ අභියෝග සහ තහංචි වලට ලක්වන මෙවැනි අවස්ථාවක එරට ක්‍රියාත්මක වන මෙවැනි වෙබ් අඩවි ඉතා වැදගත් කාර්්‍යයක් ඉටු කරනවා.එලෙසම එරට දැනට සිරගතව සිටින සහ සිරගතව සිටි දේශපාලන සිරකරැවන් පිළිබද දැනගැනීමටත් මෙම වෙබ් අඩවි මූලාශ්‍ර සපයනවා.

  http://www.papuansbehindbars.org/?prisoner_profiles=apotnalogolik-lokobal&lang=en