දේශපාලන රස්නය වැදුණ සේවකයා පුස්තකාලයේ නිලධාරිණියකට තර්ජනය කරයි

0
168

ඊයේ දහවල්  මීගමුවේ පුස්තකාලයේ පුවත්පත් අංශයේ සේවකයෙකු එහි ඉහළ නිලධාරිණියෙකුට රාජකාරිය අතරතුරේදී  බැනවැදී  තර්ජනය කර ඇති අතර  මෙම නිලධාරිණිය විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක්  නගර සභාවේ කොමසාරිස්වරයාට හා නගරාධිපතිවරයාට යොමුකර තිබේ.
මෙම සේවකයා දැනට වසර කීපයකට පමණ පෙර දේශපාලන පත්වීමක් ලෙස කම්කරුවෙකු ලෙස නගර සභාවට සේවයට පැමිණ ඇති අතර පසුව රියදුරෙකු ලෙස පත්වීමක් ලබා ඇත. ඔහු සේවයට පැමිණ වසර දෙකක් යනතුරු දිනපතා උදේ 9.00 ට අත්සන් තබා  පිටව යන අතර සේවයේ යෙදවී නොමැති බව  වාර්තා වේ. මේ සම්බන්ධයෙන්   පැමිණිලි කීපයක්  සිදුවී ඇති අතර නගර සභාවේ කොමසාරිස්වරයා විසින් දැනට මාස දෙකක පමණ සිට මොහුගේ වැටුප් නවත්වා ඇති බවද වාර්තා වේ. පසුව මෙම සේවකයාව නැවතත් මිගමුව පුස්තකාලයට අනුයුක්ත කර ඇති අතර එහි වැඩබලන නිලධාරිණියක් විසින් ඊයේ දවල් එහි ඇති කබඩ් එකක් රැගෙන එන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී මොහු ඇයට විරෝධය දක්වමින් බැණ වැදී තිබේ. වාර්තා වන පරිදි ඔහු එම අවස්ථාවේදී සිය පත්වීම් ලිපියද ඉරාදමා කලහකාරී ලෙස හැසිරී ඇති අතර ඔහු පවසා ඇත්තේ  මම පැමිණ සිටින්නේ වැඩ කිරීමට නොව , දේශපාලන සම්බන්ධයක් හරහා බවය.
කේ.ඒ. තුෂාන් ප්‍රනාන්දු නමැති මෙම සේවකයා නගර සභාවේ කම්කරුවෙකු ලෙස පත්වීම බාරගෙන වසර දෙකක් යනතුරු උදේට අත්සන් තබා  නා. මන්ත්‍රී දයාන් ලාන්සා සමග ඔහුගේ පුද්ගලික රාජකාරි සදහා ගොස් ඇති අතර තමන්ට අයත් කිසිදු රාජකාරියක නිරත වී නොමැත.
ඉහත සිදුවීම  සම්බන්ධයෙන් පැමිණිල්ලක්  මෙම නිලධාරිණිය විසින් සිවිදුකර ඇති අතර විණය විරෝධී ක්‍රියා දෙකක් අදාළ සේවකයා විසින් සිදුකර තිබේ. රාජකාරිය දීර්ඝ කාලයක් පැහැර හැරීම සහ තමන්ගේ ආයතනයේ ඉහළ නිළධාරිණයෙකුට බැණ වැදී තර්ජනය කිරීම යන කාරණා මෙම සේවකයා විසින් සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here