දේශීය ලොකුලූණු ගොවියාට අස්වැසිල්ලක්

0
111

onion”සතොස ගොවීන් වෙත ගොස් ලොකුලූණු මිලදී ගැනීමට සුදානමින්” ඇමති රිෂාඩ් කියයි.
හොඳ තත්ත්වයේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 80ක මිලකට සතොසෙන්
මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

සතොස සභාපති රිස්වාන් හමීඞ්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්යය ඒ.එච්.එම්
ෆරාස් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සතොස ප්‍රධාන ශාඛාවේ අද(13) පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලොකු ලූණු අස්වැන්න නෙළමින් තිබෙන මෙම කාලය තුළ ලොකු ලූණු තොග වැඩි වශයෙන් වෙළෙඳපොළට ලැබෙමින් තිබෙන බවත්, මේ නිසා ගොවියාට සාධාරණ මිලක් ලබා දීම සඳහා ජීවන වියදම් කමිටුවේ එකඟත්වය ඇතිව, සතොස ආයතනය මැදිහත් වී ලොකු ලූණු මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ගොවීන් වෙත ගොස් ලොකු ලූණු අස්වැන්න මිලදී ගැනීමට අදාළ නිලධාරීන්ට මේ වනවිට උපදෙස් ලබාදී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here