දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ව්‍යාපාරිකයන් දැනුවත් කරයි

0
217

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මීගමු ශාඛාව මගින්  ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහභාගීකරගනිමින් සාකච්ඡාවක් ජුනි 18 වනදා  මීගමුව සමනළ ගොඩනැගිල්ලේදී පවත්වන ලදී.   ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් , සුඵ සහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ බදු ගෙවන හා බදු නොගෙවන ජනතාව සදහා 2013 වසරේ රජයේ අයවැය මගින් ලබා දුන් බදු සහන, එලෙසම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බදු ක්‍රමය සහ බදු ගෙවන ජනතාවට ඇති ගැටඵ පිලිබදව  එහිදී සාකච්ඡාවට ගැනුණි.
මෙම සාකච්ඡාව සදහා නියෝජ්‍ය කොමසාරිස් ඩබ්ලි්‍යු . එම් .එන් . වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු එම්.ඒ. පියදාස යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතවන් ලෙස සහභාගී වුහ.
මෙම සුහද සාකච්ඡාව සංවිධානය කර තිබුනේ දේශිය ආදායම් දෙපාර්තමේන්තු ශාඛාවේ ජ්‍යෙෂ්ඨ බදු නිලධාරී (පාලක) සංජය කුමාර මහතා විසිනි. මේ සදහා මීගමුව ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන් සහ ෙජ්්‍යෂ්ඨ පුරවැරසියන් රැසක්ම සහභාගී වුහ.