දොන් ඬේවිඞ් මාවතේ මල්බෙරිය ගම්මානයේ කුණු ගොඩ

0
81

කදිරාන, දේවාලපාරෙන් හැරී මීගමුව , කටුපිටියට පැමිණෙන පාර එනම් නම්න් දොන් ඬේවිඞ් මාවතේ මල්බෙරිය ගම්මානය අසල කසල දමන ස්ථානයේ ඡුයාරූපයකි මේ. මෙම ස්ථානයේ පිහිටි මෙම සුවිශාල කසල දමන ස්ථානයයේ කසල දැමීම සිදු වන්නේ දැනට වසර 9 ක් 10 ක් තිස්සේ පටන්ය.  විශේෂයෙන්ම මස් පිනිස ඇති කරන කුකුලන් මස් බවට පත් කර ඇසුරුම් කිරිමේදී ඉවත ලන අවශේෂ කොටස් ගෙනවිත් දමන්නේ ද මෙම ස්ථානයටය.

එලෙසම නගරබදව සහ සුවිශල් මැදුරු තුල වෙසෙන ධනවතුන් ඔවුන්ගේ මාස ගනනක එකතු වූ කසල ගෙනත් දමන්නේද මෙතැනටය. එලෙසම නිවාස වල කැඩුනු සහ ඉවතලන ප්ලාස්ටික් , ෂොපිං බෑග් සහ පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍යයන් ගෙනවිත් දමන්නේද මෙතැටමය. එලෙසම ප්ලාස්ටික් , ෂොපිං බෑග් සහ පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍යයන් ගෙනවිත් දමා  ඒවා මෙතැනම පිලිස්සීමද සිදු කරනු ලබයි. එය ඉතා අහිතකර තත්වයකි. එලෙස ඒවා පිලිස්සීමේදී ඇති වන කළු දුමාරය සමඟ පිටවන අති භායනක විෂ වායුන් ඉහල වායු ගෝලයේ දිගු කාලයක් නිරුපද්‍රිතව රැදී තිබී මාස 06 ක් පමන කාලයකට පසුව හෝ පොලවේ කුමන හෝ ස්ථානයකට පතිත වීමට පුළුවන. එය එක්කේ පානීය ජලය සපයන ලිඳකට හෝ ගලා යන දිය පහරකට හෝ සශී‍්‍රක වගා බිමකට හෝ පතිත වීමටද පුළුවන . නෙවේසේනම් මිනිස් සිරුර මතට හෝ පතිත වීමට පුළුවන. කෙසේ හෝ මෙම විෂ මිනිසාගේ ශරීර ගත වීම නිසා පිලිකා රෝග, චර්ම රෝග, අංශබාගය , පපුවේ මහන්සිය, ලිංගික බෙලහීනතා සහ හඳුනා නොගත් රෝග රැසකට මෙම කි‍්‍රයාවලිය හේතු විය හැකිය.
එලෙසම මෙම ස්ථානයට ගෙනවිත් දමන මෙම අති විශාල ප‍්‍රමානයක කැලි කසල තොගය සමාන්‍ය වර්ෂා කාලයේදී ඇති වන ගංවතුර තත්වයක් යටතේ වුව ඒවා අසල ගම්මාන වලට පැමින ජනතාව ජීවත් වන නිවාස වලට, වැසිකිලි වලට සහ පානීය ජලය ලබා ගන්නා ලිං වලටද පැමිණේ. එවන් තත්වයක් මේ ස්ථානය අවට වාසය කරන දහස් සංඛ්‍යාත ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වයට එල්ල කරන්නේ මරු පහරකි. වහාම මෙම ස්ථානයේ කැලි කසල දැමීම නවතා දමා කැලි කසල බැහැර කිරීමට වෙනත් විධිමත් හා සැලසුම් සහගත ක‍්‍රමවත් ක‍්‍රමයක් හෝ ඒ සදහා සුදුසු නිසි ස්ථානයක් සැකසීමට මේ ප‍්‍රදේශය අයත් වන කටාන ප‍්‍රාදේශීය සභා බලධාරීන් පියවර ගත යුතුව ඇත.. එසේ නොවුන හොත් මහාඅනර්ථකාරී තත්වයකට මේ ප‍්‍රදේශවල වෙසෙන ජනයාට මුහුණ දීමට සිදු වනු නොවනුමානය.