දොරගුලු ලා ඇති මේ දැඩි සත්කාර ඒකකය ඇත්තේ ලංකාවේ කොයි රෝහලේද ???????

0
211

IMG-57b752f0e78dafebe831e1786eafa0aa-Vලංකාවේ එක්තරා රෝහලකට ලැබුන දැඩිසත්කාර ඒකකයට දොරගුලු ඇති අයුරු මේ ඡායාරූපයෙන් මනාව පැහැදිලි වේ.
එකි දැඩිසත්කාර ඒකකය එකි රෝහලේ එක්තරා වෛද්‍යවරයෙකුට ලැබුන පුද්ගලික බුදලයක් යැයි සිතා මේ ආකාරයෙන් අගුලා ඇති සෙයකි.
පරිත්‍යාගයක් ලෙස ලැබුන දැඩි සත්කාර ඒකකයක් මෙසේ අගුලා ලාගෙන තමන්ට අයිතිකරගන්නට මාන බලන වෛද්‍යවරු හිප්‍රොක්‍රටිස් පරපුරේ අය නම් විය නොහැක.
එහෙත් ඇත්තකි.
එහෙම රෝහලක් ලංකාවේ ඇත.
එහෙම අයද ඒ රෝහලේ සිටි.
ඒ අය වෛද්‍යවරු යැයි ඒ අය විසින්ම කියා ගත්තද ඇත්තටම ඒ අය එසේමදැයි අපට අසන්නට වන්නේ මේසා කුරිරු ලෙස අමන ලෙස කටයුතු කරන්නට
මිනිස් හදවත් ඇති අයෙකුට පුලුවන්දැයි සිතන විටය.
පුද්ගලික රෝහලක සිටින තමන්ගේ තමන්ගේ විශේෂඥ වෛද්‍ය සේවය ලබන රෝගියෙකුගේ තත්වය ගැන විමසා දැනගැනිමට ආදාල රෝහලේ කාර්ය මණ්ඩලය ඇතැම් වෛද්‍යවරුන් අමතා උපදසේ ගනිද්දි එයටත් ලොකු මුදලක් එකතු කරන වෛද්‍යවරුද සිටින රටක දැඩි සත්කාර ඒකකයක් මෙසේ අගුලා සිටිම යනු සුලු දෙයකි.