කාන්තාවන් එක මිටට යැයි කියමින් ඇරඹි මැතිවරණ සටන නැවතුනේ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක්ද ස්ථාපිත කරමිනි.
මේ සඳහා පදනම අරගලය හරහා ඇරඹි අතර ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක පුරා කාන්තාවන් විශාල පිරිසක් එක් රැස්කරමින් දැවැන්ත දේශපාලන සංදර්ශන පැවැත්වු අයුරු
ද අපට තාමත් මතකය.
දැන් ඇත්තේ තුනෙන් දෙකේ බලයක් සහිත මාලිමා ආණ්ඩුවකි.ගමත් අපට දෙන්න යැයි ඔවුන් කියති.
මාලිමාව යටතේ මිගමුවට සැලකිය යුතු කිසිදු ජයක් තවමත් අත්ව නැතිවා පමණක් අඩුම තරමින් බිච් පාක් එක ලංසා පවුලෙන් ගලවා ගන්නටවත් බැරිවි ඇත.
මිගමුව රෝහලේ සිදුවිමට අදට දින 6කි.අවලං විදියට වෛද්‍ය වෘත්තියේ යෙදුන දොස්තර තවමත් නිදැල්ලේය.
අධිකරණ වෛද්‍ය පරික්ෂණ වාර්තාව වට අනුව ඒතරම් දෙයක් සිදුව නැතැයි කියමින් අවලං දොස්තරව පොලිසිය අත්අඩංගුවට නොගැනිමට හේතු පාඨ කියන්නට පටන් ගෙනය.දැන් මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඇයව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් වෙතට යොමුකරවන බවය.පොදු ජනයා අතර දැන් මතුව ඇති ගැටලුව වන්නේ සිදුව ඇති අතවරයේ දිග පළල ගැන කියන වෛද්‍ය පරික්ෂණය මත පමණක් ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන්නේද යන ප්‍රශ්ණයයි.මිගමුවේ වාර්තාවට සමාන කතාවක් ඉන්ද කියැවෙන්නේ නම් තරුණියට සිදුවන්නේ කුමක්ද?
වෛද්‍යවරයා කිසිදු ලිංගික හිංසනයක් කර නැති බවද?
වෛද්‍ය සංගමයම කියන පරිදි මේ වෛද්‍යවරයාගේ කල්කිරියාව හොද නැත.සංගමයෙන්ද නෙරපා ඇත.
බාහිර රෝගි ප්‍රතිකාර ඒකකය තුල අදාල තරුණියව පරික්ෂා කිරිමේදිද ඔහු විසින් වෛද්‍ය අචාරධර්ම වලට අනුව කටයුතු කර නැත.
තතු එසේවුවද මිගමුවේ පොලිසිය අදමදි කරන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව තුල සැලකිය යුතු දෙයක් නැතැයි කියන කරුණ පදනම් කොට ගෙනය.
ස්ත්‍රියකගේ කැමැත්තට පටහැනිව ස්පර්ශ කිරිමක් පවා ලිංගික අතවරයක් වි ඇති පසුබිමක මිගමුව පොලිසියට තවත් කරුණු ඇවැසිද?
මිගමුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයම මේ ගැන කියා සිටින්නේ අදාල වෛද්‍යවරයාට එරෙහිව ලිංගික අතවරයක් ගැන බරපතල චෝදනාවක් එල්ලවි තිබියදි පොලිසිය මේ හැසිරිම විමතිය දනවන එකක් බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා අදාල වෛද්‍යවරයාව සිය සාමාජිකත්වයෙන් පවා නෙරපා ඇත්තේ ඔහුගේ විෂමාචාර ක්‍රියා හේතු කොට ගෙන බව ඉතා පැහැදිලිය.
මිගමුව පොලිසිය මේ නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ සලසා ඇත්තේ එවන් අවලං දොස්තර කෙනෙකුටය.
මිගමුව පොලිස් කොට්ටාශයේ කොහොමත් පීචන් වි හමාරය.මාස තුනක් ඇතුලත පොලිස් නිලධාරීන් දෙකක් සහ නිලධාරීණියක් අත්අඩංගුවට පත්විය.
හොර v8 හිමිකරුවන්ව අත්අඩංගුවට නොගෙන නලවන්නේද මේ පොලිසියමය.
දැන් මාලිමාවේ පොලිස් ඇමති මිගමුව රෝහලේ සිදුවිම සහ මිගමුව පොලිසියේ හැසිරීම ගැන කියා සිටින්නේ කුමක්දැයි මිගමුවේ මාලිමා ක්‍රියාකාරින් විමසා ඇතිද යන්න පවා අපට නම් සැක සහිතය.ඒ අයට ද මේ මේ ගැන මීක් කියන්නේ නැත.අනුර කුමාරගේ භාෂාවෙන්ම කියන්නට ඇත්තේ ලැජ්ජයි කියාය.