( 10.00 am ) පසුගිය 31 වෙනිදා මිගමුව රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේදි වෛද්‍යවරයෙකු අතින් ලිංගික අතවරයකට පත්වු තරුණිය තවත් විශේෂ වෛද්‍ය පරික්ෂණයක් සදහා කොළඹට රැගෙන යාමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අතර චෝදනා ලැබ සිටින වෛද්‍යවරයාගෙන් අවම තරමින් කටඋත්තරයක් වත ලබාගැනිමට මිගමුව පොලිසිය අසමත්ව සිටි.
වාර්තා වන අන්දමට වෛද්‍යවරයා මාරවිල රෝහල අසල පිහිටි සිය නිවසින්ද අතුරුදහන්ව ඇතැයි සැලය.
කෙසේ වෙතත් පොලිසිය අධිකරණය මගින් වෛද්‍යවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබේ.