දොස්තර විජේලත්ගේ සටන ජය ගනී! ප්‍රාදේශිය සංවර්ධන කමිටුවට දැන් ඉඩකඩ ඇති තැනක් !

0
59

ප්‍රාදේශිය සංවර්ධන කමිටුව 1මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව  පසුගිය කාලය තුල පවත්වන්නට සිදුව තිබේ ඉඩකඩ ඇහිරුණු මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කුඩා රැස්විම් ශාලාවකය.
මේ සදහා මීගමුව මහනගර සභා ශාලාව කලක පටන් ප්‍රාදේශිය ලේකම් තුමන් විසින් ඉල්ලා සිටියද නාගරික කොමසාරිස් වරයා දන්වා තිබුනේ එසේ ගන්නේ නම් එයට මුදල් ගෙවිය යුතු බවය.
කෙසේ වෙතත් මැයි මාසයේ පැවැති ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි මීගමුව රෝහල නියෝජනය කරමින් පැමිණි වෛද්‍ය විජේලත් මහතා විසින් මෙම රැස්විම මීගමුව මහනගර සභාවේ පැවැත්විමට නොහැකි ඇයිද යන්න ගැන දිගින් දිගටම ප්‍රශ්ණ මතුකරමින් කියන්නට යෙදුනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල රැස්විම් ශාලාවේ ඉඩ මදිකම පමණක් නොව වාහනයක් නතර කර ගැනිමට පවා ඉඩක් නොමැති කම නිසා ඇතිවන අපහසුව ගැනද කරුණු දක්වා සිටින ලදි .

වෛද්‍ය විජේලත් මහතා කරුණු දක්වමින්

කෙසේ වෙතත් එහිදි ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපති රොයිස් විජිත මහතා විසින් කියා සිටියේ ලබන වර සිට රැස්විම මහනගර සභා ශාලාවේදි පැවැත්විමට කටයුතු කරන බවය.
ඒ පොරොන්දුව අද ඉටුව තිබුණ අතර මෙම රැස්විමට පැමිණ සැම ඉඩකඩ ඇතිව පහසුවෙන් වාඩිවි රැස්විමට සහභාගිව සිටිනු දක්නා ලදි.