දොස්තර හෙන්රි මාලිමාවෙන් මිගමු සටනට !

0
120

received_2789643537795755

 

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1987 උසස් පෙළ විභාගයේදී  හොදම ප්‍රතිඵල වාර්ථා කල ඔහු ජීව විද්‍යා අංශයෙන් කොළඹ සරසවියට ඇතුළු වීමට වාසන්වන්ත විය.  එහිදී ඔහුට විදෙස් අධ්‍යාපනය ශිෂ්‍යත්වයක් පිරිණැමිණි. ඒ අනුව රුසියාවේ මොස්කව් නුවර රාජ්‍ය වෛද්‍ය සරසවියට ඇතුළු වී පුරා වසර 7ක් ඔහු අධ්‍යාපනය ලැබීය.
එහිදී M.M.B.S හා M.D යන විශේෂ උපාධි ලබා 1999දී මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස තම සේවය ඇරඹීය.

වෛද්‍ය රොසාරියෝ මහතා මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ කාලයේ ක්‍රීඩාවට විශේෂ දස්කම් දැක්වීය.1986 පාසලේ සිටියදීම ඔහුට ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබිණි.ඔහු පාපන්දු ක්‍රීඩාව මෙන්ම වොලිබෝල් රගර් වැනි ක්‍රීඩා වලටද විශේස සද්කම් දැක්වූවෙකි.
එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ජිවිතය ඇරඹු ඔහු නාගරික මන්ත්‍රිවරයෙකු බවටද පත්විය. එවකට මිගමුව මහනගර සභාවේ ප්‍රතිපත්ති ගරුක මන්ත්‍රින් අතලොස්ස අතුරින් ප්‍රමුඛයා වුයේද ඔහුය.
කාවින්ද ජයවර්ධන මිගමුව සංවිධායකධුරයට පත්විමත් සමගින් ඔහු පිළිබදව මෙන්ම එජාපය පිලිබදවද කළකිරුණ ඔහු සිය අනාගත දේශපාලනය අයෝජනය කිරිම සදහා හොදම පොලව දැන් තෝරාගෙන තිබේ.
වැල්ලවිදිය ගම කරගත්තද වැල්ලිවිදිියේ සිට මිගමුව පාලනය කළ ලංසා පවුලට කොන්දේසි විරහිතව විරෝධය පළකරමින් ඒ පවුල දේශපාලනය හෙළිදරව් කරමින් දැවැන්ත අරගලයකට පිවිසි දොස්තර හේන්රි මෙවර ජනබලවේගයෙන් මාලිමාව ලකුණෙන් මිගමුවට තරග වැදිමට නියමිතය.
මිගමුවේ ජනයාට ඇත්තේ ඉතා සරල තේරිමකි.
පවුලක් පමණක් රජකළ මහජන මුදල් කොල්ල කෑ නිමල් ලංසා එක් පසෙකින්ය.
ලංසා පවුලත් සමගින් නිරත්තරයෙන් ඩිල් දැමු කාවින්ද ජයවර්ධන තවත් පසෙකින්ය.
මේ දෙදෙනාටම එරෙහිව ජනයා වෙනුවෙන් ප්‍රතිපත්ති දේශපාලනයක් තෝරාගත්  වෛද්‍ය හේන්රි රොසයිරෝ තවත් පසෙකින්ය.
තේරිම එකෙන්ම කිරිම කොයිතරම් නම් පහසුද ?