“ද සිල්වා මාවත” හැදෙන්නේ කවදාද ?

0
207

මීගමුව, කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගයේ සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරය ඉදිරියෙන් ඇති
තම්මිට දේවස්ථානය අසලින් ආරම්භ වී අඟුරුකාරමුල්ල විහාරස්ථාන සමීපයට විහිදී යන අතුරු පාර ” ද සිල්වා මාවත” ලෙස හඳුන්වයි.

මේ මාවත කලක;සිට එහි ගල් සහ තාර ගැලවී වලවල් සෑදී බෙහෙවින් අබලන් තත්ත්වයට පත්ව ඇත. කාපට් යොදා;මෙම මාවත මීගමුව ප්‍රදේශයේ ප්‍රධාන අතුරු මාවතක් ලෙස සකස්  කර  තිබුනත් මේ වන විට එහි අබලන් තත්ත්වය නිසා  රථ වාහනවලට සේම යතුරුපැදිවලටත් ගමන් කළ නොහැකි පරිදි අබලන් වී තිබේ.

               මීගමුවේ, අඟුරුකාරමුල්ල විහාරස්ථානය සමීපයේ ඇති පන්සල පාරේ සිට කොළඹ හලාවත මහා මාර්ගය දක්වා පැමිණීමට හැකි ප්‍රධානතම අතුරු මාවතක් ලෙස “ද සිල්වා මාවත” හැඳින්විය හැක          
        

    විශේෂයෙන්ම අඟුරුකාරමුල්ල පන්සල සිට හෝ එලෙසම හරිස්චන්ද්‍ර විද්‍යාලයේ සිට කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට පැමිණීමට හැකි කෙටිම අතුරු මාවත ලෙසද මෙම මාවත හඳුන්වා දිය හැක.. සාමාන්‍ය සතියේ දිනවලට හරිස්චන්ද්‍ර විද්‍යාලයේ සිසු  දරුවන් රැගෙන එන පාසල් ප්‍රවාහන බස් රථ හා වෑන් රථ බොහොමයක් ගමන් ගන්නා අතුරු මාර්ගයද ” ද සිල්වා මාවතයි. එමෙන්ම එම විද්‍යාලයට යනනා බොහෝ දෙනෙක්ද එලෙසම අඟුරුකාරමුල්ල විහාරස්ථානය සමීපයේ  පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ටියුෂන් ආයතන කිහිපයක්ද එලෙසම එම ප්‍රදේශයෙන්ම තවත් පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ද පවතී  මේ නිසා මෙම ආයතන වලට යන යතුරුපැදි ඇතුළු රථ වාහන වලට හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයට සහ   මීගමුව නගරයට පිවිසීමටත් යොදාගත හැකි හොඳම විකල්ප මාවත තම්මිට, ” ද සිල්වා මාවතයි””   එවැනි ආකාරයක ප්‍රධාන මාවතක් මෙලෙස අබලන්තත්වයට පත්වීමට  ඉඩ හැරීම පිළිබඳව ප්‍රදේශවාසී ජනතාවටද එමෙන්ම මෙම ප්‍රදේශයට පිටින් පැමිණෙන පිරිස්ද මැසිවිලි නගති.

img 20240928 wa008812408347235386630762
img 20240928 wa008918073389246895852043
img 20240928 wa00544882403106251387049


      ඒ අනුව මේ සියලුම අය  වගකීව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ  කඩිනමින්ම මීගමුව ප්‍රදේශයේ ප්‍රධාන අතුරු මාර්ගයක් වූ “ද සිල්වා මාවත”  පෙර තිබූ පරිදි කාපට් කර යළි සකස් කර දෙන ලෙසයි.

       මේ වන විට එම මාර්ගය  පිහිටි එක්තරා පුද්ගලික ආයතනයක් විසින් එම මාවතේ ඇති වලවල් වලට උළු සහ ගඩොල් කැබලි දමා එම වලවල් යම් ආකාරයකට වසා දමා ඇත. 

img 20240928 wa00512030090177891527649
img 20240928 wa00533985096966102425009

එහෙත් එම මාවතේ වෙසෙන ජනතාව පවසන්නේ උළු සහ ගඩොල්  කැබලි එම වලවල් වලට දැමීම හේතුවෙන් කෙලෙසකවත් මෙම මාවතේ තම රථවාහන බ ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

එනිසා ඔවුන් වගකිවයුතු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ පැලැස්තර විසඳුම්  නොමැතිව ස්ථීර ලෙස  මෙම මාවත පෙර තිබූ තත්ත්වයට සකස් කර දීමට කටයුතු කරන ලෙසයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here