2004 ඔක්තෝබර් 10 ‘වීරකේසරී’ පුවත්පතෙනි
‘‘සිංහල ජනතාව ඔවුන්ගේ නායකයන් හා මත ගොඩනඟන්නන් විසින් මායාවක සිරකොට තිබේ. ඒ නිසා අඩුම වශයෙන් සිංහල ජනයාගෙන් සුළුතරයකට හෝ අපගේ ආකල්ප සහ ප‍්‍රශ්න ඒත්තු ගැන්වීම සඳහා අපි අඛණ්ඩ ප‍්‍රයත්නයක් දැරිය යුතු වෙමු.’’
මම ඔහුගේ අදහස්වලට විරුද්ධ නොවෙමි. අපගේ සාධාරණ ආකල්ප නිරන්තරයෙන්ම සිංහල ජනයා අතරට ගෙන යා යුතු බවට දෙවරක් සිතිය යුතු නැත. කෙසේ නමුත් මගේ අවංක අදහස වන්නේ අප අනුගමනය කරන එබඳු කි‍්‍රයාවන් හරහා සිංහල පාලකයන් වෙතින් අපගේ අයිතීන් දිනාගැනීමට හැකි වෙතැයි යන මිත්‍යාවට අප ගොදුරු නොවිය යුතුය යන්නයි. සිංහල අධිපතිවාදීන්ගේ කි‍්‍රයා හේතුවෙන් පසුගිය පනස් වසර පුරා අපි සුවිශාල විනාශයක් අත්දකිමින් සිටිමු. නමුත් එබඳු විනාශයක් විද්‍යාත්මකව විශ්ලේෂණය කරගැනීමට හෝ අවබෝධ කරගැනීමට අප කෙතරම් ප‍්‍රයත්න යොදා තිබේද? ‘සරිනිහර්’ පත‍්‍රයේ පළවූ පර්යේෂණ ලිපි කිහිපයක් හැරුණු විට, මෙම සිංහල අධිපතිවාදයත්, එහි ඉතිහාසයත්, එහි ආකල්ප සහ ඊට සම්බන්‍ධ සමාජ හා මනෝ විද්‍යාත්මක මානයනුත් විශ්ලේෂණය කිරීමට හෝ අවබෝධ කරගැනීමට දරණ ලද අන් කිසිදු උත්සාහයක් දෙමළ බුද්ධිමය කවයන් තුළින් මා දැක නැත.
දකුණේ මහාචාර්යවරුන්ද, ලේඛකයන්ද, ප‍්‍රවෘත්ති කලාවේදීන්ද, මතවාද ගොඩනඟන්නන්ද සහභාගී වූ එක්තරා සමුළුවකට මෑතකදී මම ගියෙමි. එම සමුළුවේදී දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් පැහැදිලි කරන්නැයි සංවිධායකයෝ මගෙන් ඉල්ලා සිටියහ. ඉංගී‍්‍රසි සහ සිංහල යන භාෂා දෙකෙහිම චතුර වූ දෙමළ දේශපාලන නායකයන් මෙන්ම ලේඛකයන් ද, බුද්ධිමතුන් ද යන සියල්ලන් විසින් පසුගිය 56 වසරක කාලය පුරා දෙමළ අපගේ දේශපාලන දුක් ගැනවිලි සහ ඉල්ලීම් ගැන ලිවීමත්, කතා කිරීමත් කර තිබේ. එපමණක් නොවේ, දෙමළ ජනයා විවිධාකාර ආණ්ඩු සමඟ සාකච්ඡා කරමින්, ඉල්ලීම් ඉදිරිපත් කරමින් හා සටන් කරමින් සාමකාමී මාර්ගය ඔස්සේ විසි අට අවුරුද්දකුත් (1948-1976), සන්නද්ධ අරගලය යොදාගෙන විසි අට අවුරුද්දකුත් (1976-2004) ගෙවා දමා තිබේ. සිංහල ප‍්‍රදේශවල බෝම්බ පුපුරා ගියේ දෙමළ ජනයාගේ එකදු හෝ ඉල්ලීමක් ඉටු නොකළ නිසාය යන්න කවුරුත් දන්නා කරුණකි.
නමුත් මේ සියල්ලටම පසුවත්, දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් කවරේද යන්නත්, ඔබගේ ඉල්ලීම් මොනවාද යන්නත් සිංහල ජනයා තවමත් අසති. සිංහල ජාතිය තුළ තවමත් පවතින්නේ එවැනි තත්ත්වයකි. ‘‘අඩ සියවසකටත් වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ හා ඉන් බැහැරදීත්, ජාත්‍යන්තර තලයේදීත් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් හා ඉල්ලීම් මොනවාද යන්න, දෙමළ ජනයා ඔවුන්ගේ හකු තවදුරටත් සොළවා ගත නොහැකි තරමටම පැහැදිලි කර දී තිබේ. මේ සියල්ලට පසුව දෙමළ ජනයාගේ අභිලාෂයන් සහ ඉල්ලීම් මොනවාදැයි ඔබ තවමත් මගෙන් අසයි. මෙය පාපයකි. මට මේ ගැන කතා කළ නොහැක’’යි මම ඔවුන්ට කීවෙමි.
මේ සමුළුවේ රසවත්ම කරුණ වූයේ ඊට සහභාගී වූ බහුතරයක් ජනයා දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් මොනවාද යන්න නොදැන සිටීමයි. පසුගිය ‘56 වසර පුරා සිදුවූ සියලූ සිදුවීම්වලින් පසුවත් දෙමළ අපගේ ඉල්ලීම් අවබෝධ කරගැනීමට සිංහල ජනයාට නොහැකි වී නම්, ඔවුන් එය දැන් අවබෝධ කරගන්නේ කෙසේදැයි මට නොතේරේ.
අපගේ දේශපාලන ඉල්ලීම් සම්බන්‍ධයෙන් සිංහල ජනයා අසන මේ ප‍්‍රශ්නය වූ කලී ‘රැයක් පහන් වන තුරු රාමායනය අසා සිටි අයෙක් එළිවන ජාමයේ දී ‘රාමාගෙයි-සීතාගෙයි නෑකම මොකක්දැයි’ අසනවා වැනි ය.
අපගේ දේශපාලන ඉල්ලීම් සිංහල ජනයාට අවබෝධ කරදිය යුතුයැයි උපදෙස් සපයන්නන් එක් කාරණාවක් පැහැදිලිව විග‍්‍රහ කර දිය යුතුය. යමෙක් මදක් කල්පනා කර ඇසිය යුත්තේ ‘‘56 වසරක් පුරා සාකච්ඡා සහ සටන් රාශියකින් පසුවත් සිංහල ජනයා අපව වටහා නොගන්නේ ඇයි? අඩ සිය වසරකටත් වැඩි කාලයක් තිස්සේ අපව අවබෝධ කරගැනීම ප‍්‍රතික්‍ෂේප කළ හා අපව වටහාගැනීමට සැළකිල්ලක් නොදැක්වූ පිරිසක් දැන් වෙනස් කළ හැක්කේ කෙසේද?’’
මේ සම්බන්‍ධයෙන් අපි තවත් එක්තරා වැදගත් කරුණක් දෙස බැලිය යුත්තෙමු. විසිවන සියවසේ ආරම්භයේ සිටම, එක් කලකදී දෙමළ ජනයාගේ දුක් ගැනවිලි සහ සාධාරණ දේශපාලන ඉල්ලීම් වටහාගත් ඇතැම් සිංහල දේශපාලකයන් හා මත ගොඩනඟන්නන් පසු කලකදී වෙනස් වූයේ දෙමළ ජනයාගේ ගැටලූව පිළිබඳ අංශක 180කින් ආ පිට හැරුණු නරකම ස්ථාවරයන්ට මාරු වෙමිනි.
බණ්ඩාරනායකගේ සිට කොල්වින් දක්වා
ජනාධිපතිනි චන්‍ද්‍රිකාගේ පියා වූ එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක එංගලන්තයේ අධ්‍යාපන කටයුතු අවසන් කොට පෙරළා පැමිණීමෙන් පසු ශී‍්‍ර ලංකාව (මහනුවර ප‍්‍රදේශය, පහත රට හෝ මුහුදුබඩ ප‍්‍රදේශය සහ දෙමළ නිජබිම් ප‍්‍රදේශය ලෙස) ෆෙඩරල් පාලන ප‍්‍රදේශ තුනකින් සමන්විත ෆෙඩරල් ක‍්‍රමයකට පරිවර්තනය කළ යුතු යැයි කී බව සියල්ලෝ දනිති.
ඒ ආකාරයෙන්ම, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය 1944 සිය ජාතික සමුළුවේදී දෙමළ ජනයාට ස්වයං පාලන අයිතිය ලබා දිය යුතු බවට අවධාරණය කළා වූ යෝජනාවක් සම්මත කරගනු ලැබිණ. ඒ කොමියුනිස්ට් පක්‍ෂයම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව 1972දී ලංකාව සිංහල බොද්ධ රාජ්‍යයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය.
වාමාංශික දේශපාලකයන් අතර කෘතහස්ත නායකයෙකු වූද, 1956දී සිංහල පමණක් පනත කි‍්‍රයාවෙහි යෙදවීමට එරෙහිව ‘එක් භාෂාවක් නම් රටවල් දෙකක් – භාෂා දෙකක් නම් එක් රටක්’’ යැයි කියමින් අනාගතය පුරෝකථනය කළ ලංකා සම සමාජ පක්‍ෂයේ දැවැන්ත කුළුණක් බඳු කොල්වින් ආර්. ද සිල්වා පසුකාලීනව කළේ කුමක්ද? 1972 ශී‍්‍ර ලංකාව ඒකීය සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පෙරළමින් ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාව නැවත ලිවීම සඳහා මූලිකත්වය ගන්නා ලද්දේ ඔහු විසිනි.
ඉහත කතා ඔබ සියල්ලන් දන්නා පැරණි කතාන්දර ය. අපි අපගේ අයිතීන් සඳහා වූ අරගලය සන්නද්ධ අරගලයක් බවට පෙරළුණු මෑත වකවානුව ගෙන බලමු.
දයාන්ගේ වෙස් පෙරළිය
1983 ආසන්න කාල වකවානුවේදී ජවිපෙ නොවන උගත් තරුණ පිරිස් සමහරක් එක්ව ‘ස්ටැලින්වාදී අධ්‍යයන කවය’ (Stalinist Study Circle) නමින් සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙම සංවිධානය දෙමළ විමුක්ති සංවිධානවලට වැදගත්කමක් දී කටයුතු කළ අතර ඒ පිළිබඳ ලිවීම ද, කතා කිරීම ද කළේය. ඔවුහු ඇතැම් සන්නද්ධ දෙමළ සංවිධාන සමඟ සබඳතා පවා ගොඩනඟා ගත්හ. (දැන් ‘වීරකේසරී’ සතිඅන්ත සංස්කරණයට ලිපි සපයන මුතුලිංගම්ට එවකදී මෙම සංවිධානය සමඟ සබඳතාවක් තිබිණ.) ස්ටැලින්වාදී අධ්‍යයන කවයේ ප‍්‍රධාන කථිකයෙකු වූයේ, දෙමළ ජන අයිතිවාසිකම් ගැන මෙන්ම ස්වයං නීර්ණය සඳහා දෙමළ ජනතාව සතු අයිතිය ගැන කතාකරමින් දෙමළ ජනයාගේ සන්නද්ධ අරගලය සාධාරණීකරණය කළ දයාන් ජයතිලකය. එපමණක් නොව, ඔහු සහ ඔහුගේ වාම සහෝදරයන් එක්ව ‘විකල්ප කණ්ඩායම’ නමින් සන්නද්ධ සංවිධානයක් ද පිහිටුවා ගත්හ. වාමාංශික දෘෂ්ඨිවාදයන් සිය පදනම් වශයෙන් යොදාගනිමින් දෙමළ විමුක්ති සංවිධාන සමඟ ඒකාබද්ධ වූ ‘ස්ටැලින්වාදී අධ්‍යයන කවය’ දෙමළ ජනයාගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් වැඩ කළහ. මම කොළඹදී සහ නුවරදී ඔවුන් හමුවීමට එවකට පුරුදුව සිටියෙමි. (තුන්වන ලෝකයේ විමුක්ති යුද්ධ පිළිබඳව මෙන්ම ලොව පුරා අධිරාජ්‍යවාදීන්ගේ පීඩනය පිළිබඳව දයාන් ජයතිලක විසින් ඉදිරිපත් කරන ලද තියුණු පැහැදිලි කිරීම් සහ විශ්ලේෂණයන්ගේ බලපෑම කිසිවෙකුට අවතක්සේරු කළ නොහැක.)
දයාන් ජයතික ඉන්දියාවට පලා ගියේය. පසුව ශී‍්‍ර ලංකා රජයේ සමාවක් ලැබ ශී‍්‍ර ලංකාවට පෙරළා පැමිණි ඔහු පළාත් සභාවක අමාත්‍ය ධුරයකට පත්විණ. දෙමළ විමුක්ති සංවිධාන සමඟ අතිශයින් සමීපව වැඩ කළ මේ දයාන් ජයතිලක අද කරමින් සිටින්නේ කුමක්ද? එවකදී දයාන් ජයතිලක ලියුවේ අප සිංහල – දෙමළ වෙනස්කම් ඉක්මවා යමින් ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළ යුතු බවත්, පංති අරගලය කළ යුතු බවත්ය. අද ඔහු සති පතා විරාමයකින් තොරව ලියමින් සිටිනුයේ කොටි විමුක්ති අරගලය තලා දමන්නේ කෙසේද යන්න පිළිබඳවය. කලකදී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දැඩි විරුද්ධවාදියෙකුව සිටි මගේ එතරම්ම හොඳ මිතුරෙකු වූ දයාන් ජයතික දැන් ‘දි අයිලන්ඞ්’ පුවත්පතට ලියන්නේ ‘‘අපි (සිංහලයින් සහ සිංහල රාජ්‍යය) දෙමළ ජනයාගේ යුද බලය තලා දැමීමට එක්සත් ජනපදයේ ආධාරය හා සහාය පැතිය යුතු බව’’ය. ඔහුට සිදුවූයේ කුමක්ද?
එපමණක්ද?
සුහද නලීන් සහ කාරුණික තිලක්
ඔහු අද කරමින් සිටින්නේ කුමක්ද? – සිංහල බෞද්ධ අධිපතිත්වය දේශනා කරන මූලධර්මවාදය මත පදනම් වූ ‘චින්තන පර්ෂදයේ’ නායකයා ආචාර්ය සිල්වා ය. ඔහුට සිදුවූයේ කුමක්ද? මා හමුවන ඕනෑම විටක ඔහු මට හොඳින් සළකයි. නමුත් ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධයින්ගේ භූමියක් බව ඔහු අඛණ්ඩව අවධාරණය කරයි.
‘සිංහල ජනයා අතර අපගේ අරගලය සාධාරණීකරණය කරමින් පෙරට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ නම් දකුණේ වාම කණ්ඩායම් සමඟ පමණක් සබඳතා පැවැත්වීමේ තේරුමක් නැත. සිංහල ජනයා අතර හොඳින් මුල් බැසගත් හා ව්‍යාප්ත වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමඟ ද අපි සාකච්ඡා කළ යුතුව ඇත.’ මෙම අදහස මම ප්ලොට් සංවිධානයට ඉදිරිපත් කළෙමි. එය පිළිගැණුනි.
මම ශී්
අපගේ කි‍්‍රයාධරයන් කොළඹ ඔහුගේ නිවසෙහි ද, ඔහුගේ ආසනය වූ බණ්ඩාරගම ද නිරන්තරයෙන් ලැගුම් ගත්හ. ඔහු වෙනුවෙන් ඔවුහු විශාල ලෙස වැඩ කළහ. (අපගේ මූනිස්සම් කිහිපයක් ඔහුගේ මෝටර් රථයේ තිබී හමු වූ අතර ඔහුට එරෙහි ඊට අදාළ නඩුව සැළකිය යුතු කාලයක් දිග් ගැසිණ.) සිංහල- දෙමළ සබඳතාවන් පිළිබඳ ඉතිහාසය තුළ තීරණාත්මක මොහොතකදී ඔහු කළ උපකාරය වැදගත් එකක් විය. ඔහු කළ උපකාරය නම් සන්නද්ධ අරගලයක් මගින් ශී‍්‍ර ලංකා ආණ්ඩුව පුර්ණ වශයෙන් පෙරළා දැමීමට විදේශ රටක සහාය ලබා ගැනීමට දරණ ලද උත්සාහයයි. කරුණාරත්න සහ ඔහුගේ පවුලේ පිරිස් මගේ සංවිධානයේ සහෝදරයින් හා මා සමඟ කටයුතු කළ මිත‍්‍රශීලී සහ කාරුණික ආකාරය කිසිකලක අමතක කළ නොහැක.
තිලක් කරුණාරත්න වැනි එවන් මිනිසෙකුට සිදුවූයේ කුමක්ද? සිංහල බෞද්ධ අන්තවාදී පක්‍ෂයක් වූ ‘සිහළ උරුමය’ ආරම්භ කිරීමට ඔහු මුල්වූයේ ඇයි?
එපමණක්ද?
විජය සහ චන්‍ද්‍රිකා
‘ජනවර්ග පිළිබඳ ගැටළුව විසඳාලිය හැක්කේ දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබාදීමෙන් පමණකි.’ – ජාතික ප‍්‍රශ්නය පිළිබඳ
‘දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය පිළි නොගන්නා කිසිවෙක් සමඟ කතා කරන්න එපා’ යැයි එවකදී චන්‍ද්‍රිකා මා සමඟ කීමට පුරුදුව සිටියාය. (ඇගේ සැමියා වූ විජය කුමාරණතුංග කාරුණික අයෙක් මෙන්ම අපගේ ජනයාට ද, විමුක්ති අරගලයට ද සහාය දැක්වූවෙක් වූ අතර ඔහු ජවිපෙ විසින් ඝාතනය කරන ලදී.)
මෙබඳු අයෙකු වූ ජනාධිපතිනි චන්‍ද්‍රිකාට සිදුවූයේ කුමක්ද? ‘සාමය සඳහා යුද්ධය’ නමින් වූ දැවැත්න භීෂණයක් ඇය දෙමළ ජනයා මත මුදා හැරියේ ඇයි?
මේ සියල්ල සඳහා පැහැදිලි කිරීම් සොයාගැනීමට අපට සිදුවන්නේ නම්, සිංහල ජාතියේ මානසික ස්වභාවය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කිරීමට අපට සිදුවනු ඇත. සිංහල ජාතිය සමඟ ගණුදෙනු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ අපගේ ප‍්‍රවේශය ස්ථිරව සකසා ගත හැක්කේ ඒ මත පදනම්ව පමණි.☐
ධර්මරත්නම් සිවරාම්
© JDS