ධිවරයන්ව පාරට බස්සන්න හදන ලංසාලාට අමතක එදා භුමිතෙල් සටනේ තිත්ත ඇත්ත මෙන්න !

0
185

dscn0174 new(5.00 pm )රජය විසින් ඉහල දැමූ  භූමිතෙල් මිළ නැවත සශෝධනය කර අලුත් චක්‍රෙල්ඛනයක්
ධිවර සංගම් නියෝජිතයින් වෙත ඉදිරිපත් කිරී‍මේ සාකච්ඡාවක් අද සවස  මීගමුව නගර
සභාවේදී පැවැත්විනි.  මෙම සාකච්ඡාව සදහා මීගමුව  කුඩා බෝට්ටු ධිවරයින් නියෝජනය කරමින් වැල්ලවීදිය – කුඩාපාඩුව – කම්මල්තොට ඒකාබද්ධ ධීවර සංවිධානය හා
දේශපාලන නියෝජිතයින් ලෙස නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුනරත්න,
පලාත්සභා අමාත්‍ය නිමල් ලන්සා, මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර, නියෝජ්‍ය පුරපති එම්. එස්.එම් සකාවුල්ලා , හිටපු නගරාධීපති හර්මන් කුරේරා. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ආන්නද ප්‍රනාන්දු යන අය සහභාගී විය. මෙහිදී අමාත්‍යවරැන් විසින් රජය විසින් ගෙන ඇති භූමිතෙල් මිළ පහත දැමීමේ නව චක්‍රෙල්ඛනයක් ජනාධිපතිතුමා විසින් සිදුකර ඇති බව ප්‍රකාශ කර ඇති අතර
මෙම සහන මිළ අඩු කිරීමේ ක්‍රියාවලිය පිලිබද ධීවර නියේජිතයින්ගේ අදහස් හා
එකගතාවය සදහා  පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාව පැවැත්විනි.
නව චක්‍රෙල්ඛනය යටතේ ධීවරයින්ට පමණක්  රැ 25කින් භුමිතෙල් මිළ අඩුකර ඇති අතර
රැ 81ක මිළ වටිනාකමකින් භූමිතෙල් ලීටරක් ලබාගත හැකි වනු ඇත. මෙසේ රැ 25ක්
අඩු මිළට භූමිතෙල් හෙට සිට ධීවර සමූපාකාර සමිති වලට අයත් ඉන්ධන හල් වලින්
පමණක් ලබාගැනීමට  මීගමුව ධීවරයින්ට හැකි බවද එහිදී සදහන් කර ඇත.

ඡායා -රේමන්ඩ් අපොන්සු
2012.02.20ධිවර සටන 1

 

ඉහල දමා ඇති භුමිතෙල් මිළ රජය විසින් පහල දැමිය යුතුව තිබේ. ඒ ගැන දැනටමත් ප්‍රකාශ නිකුත් ව තිබේ. මේ අනුව වැඩිකළ මිලෙන් රු 25 ක් පමණ අඩුකොට භුමිතෙල් ලාබදිමට රජය සුදානම් බව වාර්ථා වේ.

තතු එසේ වුවද යහපාලන රජය බලයට පැමිණිමෙන් පසු භුමිතෙල් ලිටරයක් රු 44 කට ලබාදිමට පියවර ගෙන තිබුණි.
ඒ එතෙක් රාජපක්ෂ පාලනය විසින් ඉන්ධන වලින් හම්බ කරගත් දැවැන්ත බදුමුදලේ ලාභය සාමාන්‍ය ධිවරයන් ඇතුළු සාමන්‍ය ජනයා හට ලබාදෙමිනි.ධවිර සටන 3ධිවර සටන 5ධිවර සටන 7
තතු එසේව තිබියදි දැන් සරත් ගුණරත්නලා නිමල් ලංසාලා ධිවරයන්ව පාරට බස්සන්න හදන්නේ රු 44 ට භුමිතෙල් දෙනු යැයි කියමිනි.
එහෙත් ලංසාලාට අමතක ඔළුවක් ඇති සැමට මතක එක් තිත්ත ඇත්තක් තිබේ.
එනම් 2012 ධිවරයන් පාරට පැමිණ අරගල කරද්දි ඇන්ටනි ඇතුළු තවත් ධිවරයන් 2 දෙනෙකුගේ ජිවිත උදුරා ගෙනත් එදා තෙල් දිමට එකග වි තිබුනේ රු 81 එක මිලටය.මේ රැස්විම පැවැතියේ මිගමුව මහනගර සභාවේදිය.ඒ 2012 පෙබරවාරි 20 වනදාය.ඇන්ටනි 8ඇන්ටනි 11ඇන්ටනි දුවඇන්ටනි 10
.එහෙත් ලංසලාට දැන් එය අමතකය.
එපමණක් නොව මහපාරේ අරගල ධිවයරන්ට එරෙහිව මර්ධනය දියත් කළ අකාරය පමණක් නොව තද දමා තර්ජනය කළ අයුරුද අමතකය.
එදා ධිවරයන් විසින් මේ සියලු දෙනාවට හු කියා එලවා ගත් හැටිද අමතකය.
ලංසලාට සරත්ලාට අමතක වුවද මීගමුවේත් රටපුරාත් ධිවරයන් අමතක නොකළ යුතු ඇත්තක් තිබේ.
එනම් රාජපක්ෂ රෙජිමය විසින් ඇන්ටනිව මරාගත් අන්දම ගැනය.
මේ පහත ඡායාරුප සිල්ල ඒ මතකය යළිත් අවදි කරනු පිණිසය.
ඡායා-ජයසංක ප්‍රනාන්දු

 

 

7vrl5B3coM7cITywKQleeYqdVk4goEGEEKqosiF4H7 Ru5gLeL9rJnG12RCjloDZbdXlcgz gZhFNBOR8yFt Px PHz5W GG0NGphqol25nnq6GuSXpCU9eIgM6Qg RtPfR9X1YkpJ8OfAH42QPB6CChbw=s0 d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here