ධීවරයන්ගේ හිඟ ඉන්ධන ආධාර ලැබේවි ද ?

0
179

බහුදින යාත්‍රා සහ  සුුලු ධීවර රැකියාවේ  යෙදෙන ධීවරයන් හට මේ වන විට මාස 3ක අධීක කාලයකට ඉන්ධන සහනාධාරය නොලැබීම නිසා ඇතිවී ඇති ගැටළු වලින් ධීවරයන් විශාල පීඩාවකට ලක්වී  ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පවසති. ඔවුන් පවසන්නේ අප්‍රේල්, මැයි  මාස වලට  ඉන්ධන සහනාධාර  කාඩ්පත ඔවුන්ට නොලැබුණ බවයි. බහුදින යාත්‍රාවකට මාසයකට ලැබෙන්නේ රු35000ක් හා එක් දින මහා යාත්‍රාවකට දිනකට 17500ක් ද එක්දින කුඩා යාත්‍රාවකට රු 9375කි. මේ පිළිබදව ඒකාබද්ධ ධීවර සංවිධානයේ සාමාජිකයෙකු පැවසූුවේ  මෙම හිඟ ඉන්ධන සහනාධාරය පිළිබදව ධීවර කාර්යාලය ඇුතුළු බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන්ද ප්‍රකාශ කරන්නේ අප්‍රේල්. මැයි  මාසයන් කෙසේ වුවද ජුනි මාසවල ඉන්ධන ආධාරය ලබාදීමට කටයුතු කරන බවය. මෙම  ප්‍රශ්නය සම්බන්ධයෙන්  සාකච්ඡාවක්  ජුනි මස 21 සවස 3.00 ට වැල්ලවීදිය   ඒකාබද්ධ ධීවර සංවිධානය විසින් සංවිධානය කර ඇත. මේ  සාකච්ඡාවට නි.ධිවර අමාත්‍ය සරත් ගුනරත්න ,පළාත් සභා ඇමති නිමල් ලන්සා ,අනුනායක ගරු පැට්‍රික් ප්‍රනාන්දු  පියතුමා  සහභාගී වීමට නියමිත ය.