ධීවරයන්ට උසස් සමාජ තත්වයක් ලබාදිමට කටයුතු කළයුතුයි.

0
155

ධීවරයන්ගේ ජිවන තත්වය මෙන්ම සමාජ තත්වය උසස් කිරිමට කටයුතු කළ යුතුයැයි පසුගියදා මිගමුවට පැමිණි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේය.

“ජාතික ජනබලවේගය ධීවර කර්මාන්තය මේ රටේ ඉතා වැදගත්ම කර්මාන්තයක් ලෙස සලකන අතර ඒ සදහා දිය හැකි සියලුම සහන ලබා දෙන අතර ධීවරයාගේ ජීවන තත්ත්වය ඉහල තලයකට ගෙන ඒම සදහා සියලුම ක්‍රියාමාර්ග ගනු ඇත.” යැයි ජන බලවේගයේ නායකයා පවසා සිටියේය.

පසුගිය 23 වනදා සවස මිගමුව පෙරියමුල්ලේ ඔලැන්රෝ හෝටලයේ පැවැති මෙම රැස්විම සවස 7සිට රාත්‍රි 11පමණ දක්වා මහත් උද්යෝගකින් පැවැත්වුණි.

සහභාගිකයන් විවිධ පැහැදිලි කරගැනිම වෙනුවෙන් වඩාත් ප්‍රශ්ණ ඇසු අතර ඒවාට වේලාව ගෙන පැහැදිලි කිරිමටද අනුර කුමාර දිසානායක කටයුතු කලේය.

විදවත් ,ව්‍යාපාරික සංවාදශිලි සංවාදය සදහා මිගමුවේ  විවිධ ක්ෂේවල විද්වතුන්,ව්‍යාපාරිකයන් සහ සමාජ ක්‍රියාකාරින්  එක්ව සිටියහ.