ධීවරයන්ට හා විදුලිය නොමැති නිවෙස් හිමියන්ට භූමිතෙල් සඳහා පමණක් සහනාධාර ලබාදේ !

0
108
 sri_lanka_negombo_fish_market_fishermen1

(4.00 pm )පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල මැයි 10 වනදින වැඩිකිරීමෙන් අනතුරුව එදින සිට ක්‍රියාත්මක වන පරිදි එක්දින බෝට්ටු භාවිත කරන ධීවරයින් හා විදුලිය නොමැති නිවෙස් හිමියන්ටද භූමිතෙල් සඳහා පමණක් සහනාධාර ලබාදීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුව, ඒ සඳහා වන මුදල් ජූනි මස සිට ප්‍රතිලාභීන්ට ඍජුවම ලබාදෙනු ලැබේ.

රු. 44 ක්ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රු. 57 කින් වැඩිකරන ලද නමුත්, එම ජනතාවට භූමිතෙල් තවදුරටත් රු. 44 බැගින් ලබාගැනීමට හැකිවන පරිදි ලීටරයකට රු. 57 බැගින් සහනාධාර, එම ප්‍රතිලාභීන්ට මුදල් වශයෙන් ලබාදීමට මහා භාණ්ඩාගාරය විසින් තීරණය කර ඇත.
ඒ අනුව, 47,555 ක් පමණ වන විදුලිය නොමැති නිවාස හිමියන්හට ඔවුන්ට හිමි එම සහනාධාර මුදල ඔවුන්ගේ සමෘද්ධි මුදල් සමඟ ගෙවනු ලැබේ.
පිටත එන්ජින් සවිකරන ලද එක්දින බෝට්ටු හිමි ධීවරයන් 24,282 දෙනෙකු දිවයින පුරා සිටින බවට ගණන් බලා ඇති අතර, ධීවර අමාත්‍යාංශය විසින් එම ධීවරයන් සමඟ සාකච්ඡා කර එකඟ වන ක්‍රමවේදයකට අනුව එම සහනාධාර අදාළ පුද්ගලයන් වෙත මුදල් වශයෙන් ඍජුව නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
news.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here